ලක්ෂ පහකට ආසන්න ජනතාවකට ජීවිත අහිමි කරමින් සිය පාලන කාලය තුළ මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ සිදුකළ, සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල්-අසාද්ට සහ ඔහුගේ බාල සොහොයුරාට සිරියානු අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර තිබේ.
සිරියාවේ දකුණුදිග දරආ (Daraa) පළාතේ මර්දනයට නායකත්වය දීම හේතුවෙන්, අසාද්ගේ මවගේ පාර්ශ්වයේ ඥාති සොහොයුරෙකු වන අතෙෆ් නජීබ්ට ද මෙම නඩුවේදීම මරණ දඬුවම නියම වී ඇත. විනිසුරුවරයා විසින් දඬුවම ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී, සිරකරු නිල ඇඳුමින් සැරසී සිටි නජීබ් දැඩි ආරක්ෂාව මධ්‍යයේ අධිකරණය තුළ රැඳී සිට ඇත.
2014 දෙසැම්බර් මාසයේදී කැරලිකරුවන් විසින් දමස්කස් නුවර සිය පාලනයට නතු කරගනිමින් අසාද් පාලනය පෙරළා දමනු ලැබූ අතර, එහිදී අල්-අසාද් සහ ඔහුගේ සොහොයුරු මහේර් රුසියාවට පලා ගොස් තිබේ.
පසුව අත්අඩංගුවට ගනු ලැබූ නජීබ්, අසාද් පාලනය යටතේ කටයුතු කළ ඉහළම සිරියානු නිලධාරීන්ගෙන් අයෙකි. ඔහු 2011 වසරේ අල්-අසාද්ගේ පාලනය යටතේ දකුණු සිරියාවේ දරආ පළාතේ දේශපාලන ආරක්ෂක අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ හිටපු සිරියානු හමුදා ප්‍රධානියෙකි.






