K News

Trending Now

බදු බරට එරෙහි සටන අද

jana aragala viyaparaya knews

ජනතාව මත පටවා ඇති අධික බදු බරට විරෝධය දක්වා අද (3) දහවල් 12ට බොරැල්ල කැම්බල් පිටියෙන් දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කරන බව ජන අරගල ව්‍යාපාරය ප්‍රකාශ කරයි.

මෙම විරෝධතාවය පිළිබඳව අදහස් දැක්වූ ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ ප්‍රකාශ කළේ, කන බත් පතට බදු ගහන්නේ නෑ කියලා බලය ගත්තත් වර්තමාන ආණ්ඩුව අද හාල් ඇටේ, පරිප්පු ඇටේ ඉඳලා බදු ගහලා මිනිස්සුන්ව හූරගෙන කන බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තා අනුව රටේ ජනගහනයෙන් විශාල ප්‍රමාණයකගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සම්පූර්ණ වෙලා නැති බව ප්‍රකාශ කරන ඒ මහතා හාල්මැස්සෝ කිලෝ එකකට රුපියල් 100ක බද්දක් ගසා ඇති බවත්, කුකුල් මස් කිලෝවකට රුපියල් 310ක් බද්දක් ද බිත්තරයකට රුපියල් 11ක බද්දක් ද අය කරන බව ප්‍රකාශ කරයි.

මෙම තත්ත්වය තුළ ජන අරගල ව්‍යාපාරය විදිහට ජනතාවගේ කුස්සියේ ප්‍රශ්නය, දරුවන්ගේ අධ්‍යාපන ප්‍රශ්නය ඉදිරියට ගන්න ඕනෑ යැයි තීරණය කළ බව ප්‍රකාශ කරන ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ‘අපි දැක්කා ඡන්දෙට කලින් අනුර දිසානායක ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවල වේදනාවෙන් කතා කරනවා ඉගෙන ගන්න දරුවන්ගේ පොතට පෑනට පවා මේ ආණ්ඩු බදු ගහනවා, මේක ලැජ්ජා නැති වැඩක් කියලා. ඔහු පොරොන්දු වුණා බලයට ආව ගමන් අධ්‍යාපන උපකරණවලට ගහපු බදු වහාම ඉවත් කරනවා කියලා. එහෙම කියපු අනුර කුමාර ජනාධිපතිවරයා දැන් අවුරුදු දෙකක් තිස්සේ මේ රටේ දරුවන්ගේ අධ්‍යාපන උපකරණවලින් විශාල බද්දක් හූරගෙන කනවා. අද අම්මලාට තාත්තලාට තමන්ගේ දරුවා ඉස්කෝලේ යවාගන්න විදිහක් නැහැ. ඇයි ? පෑනේ පැන්සලේ ඉඳලා ඉස්කෝලේ නඩත්තු වියදම් වෙනකම් දරාගන්න බැරි තරම් විශාල බද්දක් ජනතාව මත පැටවිලා’ යැයි ප්‍රකාශ කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *