[gtranslate]

කුඩා හා මධ්‍යම පරිමාන විදුලි නිෂ්පාදකයින් වෙනුවෙන් අලුත් ව්‍යාපෘතියක්

sri lanka solar power project knews

කුඩා හා මධ්‍යම පරිමාන විදුලි නිෂ්පාදකයින් විසින් ජනනය කරනු ලබන සූර්ය බලශක්තිය ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීම, කළමනාකරණය කිරීම, බෙදා හැරීම වඩාත් කාර්යක්ෂම කිරීම හරහා එම බලශක්ති නිෂ්පාදකයින් මුහුණ දෙන අභියෝග විසඳීමට නව ව්‍යාපෘතියක් ආරම්භ කෙරෙන අතර ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 55.9කට ආසන්න ඒකාබද්ධ විදේශ මූල්‍ය පහසුකමක් ලබා ගැනීමට රජය සූදානම් වේ.

මේ අනුව, Project on Ground-Based Solar Power Consolidation and True Net Metering නම් මෙම නව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව, යුරෝපා සංගමය සහ ඒකාබද්ධ ණය යාන්ත්‍රණය සඳහා වන ජපන් අරමුදල සමඟ ණය ගිවිසුම්වලට එළඹීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

මෙම මූල්‍ය පහසුකම තුළ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 35ක සහනදායී ණයක්, යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 15.4ක ප්‍රදානයක් සහ ඒකාබද්ධ ණය යාන්ත්‍රණය සඳහා වන ජපන් අරමුදලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 5.5ක ප්‍රදානයක් අන්තර්ගත වෙනු ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය පහසුකම් සම්පාදනය කරගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට 2025 නොවැම්බර් මාසයේදී ලබා දුන් කැබිනට් අනුමැතියෙන් පසුව මෙම පියවර ගෙන ඇත.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

මාර්ගයියාට සිදුවූ දේ ඔබටත් සිදුවිය හැකිය

මාර්ගයියා මුලින් ගසක් යට කුඩා මට්ටමින් මුදල් සම්බන්ධ උපදේශන සේවාවක් ආරම්භ කරයි. ක්‍රමයෙන් ඔහු විශාල ලෙස ජනතාවගේ විශ්වාසය දිනාගෙන, මුදල් රැස් කරමින් සාර්ථක මූල්‍ය ව්‍යාපාරයක් ගොඩනඟා ගනී. එහෙත් ඔහුගේ...

කැරපොත්තන්ගේ සටන පළමු ජය වාර්තා කරයි

සමස්ත ඉන්දියාව පමණක් නොව ලෝකයම සොලවමින් වීදි බැස සිටින කැරපොත්තන්ගේ ජනතා පක්ෂය සිය පළමු ජයග්‍රහනය වාර්තා කරගෙන ඇතැයි ද ඒ අනුව ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා...

මන්දිරවල ජනපති නෑ. නමුත් ජනයා ඉදලා. බර වියදමකුත් ගිහිං

ජනාධිපතිවරයා රටපුරා ඇති ජනාධිපති මන්දිර භාවිතා කරන්නේ නැති බව ප්‍රකාශ කරමින් එම මන්දිරවල නවාතැන් නොගත්තත් එහි බොහෝ දෙනෙක් රැඳී සිට ඇති බවද ඒ සඳහා 2025 වර්ෂයේදී විශාල වියදමක් දරා ඇති බවද ජාතික විගණන...