විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එකඟ නෑ – අධිකරණ සේවා සංගමය නැවත අවධාරණය කරයි

judicial service association against retirement age amendment knews

පසුගිය ජූලි 22 වෙනිදා අධිකරණ සේවා සංගමය අධිකරණ අමාත්‍යවරයා වෙත ලිපියක් ලියමින්, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ගෙනඑන්නට නියමිත ව්‍යවස්ථා සංශෝධනයට තම සංගමය එකඟ නැති බව නැවතත් අවධාරණය කර ඇත.

මහේස්ත්‍රාත්වරුන් හා දිසා අධිකරණ විනිසුරුවරුන් සාමාජිකත්වය දරන අධිකරණ විනිසුරුවරුන්ගේ විශාලතම සංගමය මෙසේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කරන්නේ, පෙර දිනකදී තම සංගමය රහස් ඡන්දයක් පවත්වා ගත් ඒකමතික තීරණය අනුව, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එකඟ නැති බව ජනාධිපතිවරයාට ලිපියකින් දන්වා යැවූ බවයි.

කැබිනට් මණ්ඩලය විසින් මෙම නීති සංශෝධනය පිළිබඳ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කරනු ලැබ ඇති නිසා තම තීරණය මෙසේ අමාත්‍යවරයාට ද දැන් වූ බව එම ලිපිය ප්‍රකාශ කරයි.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...