යුස්ටාකියෝ කැනඩාව අවසන් 16ට රැගෙන යයි

ksport knews

ස්ටීවන් යුස්ටාකියෝගේ විශිෂ්ට ගෝලය කැනඩාව 2026 ෆීෆා ලෝක කුසලාන තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට රැගෙන යයි.

2026 ෆීෆා ලෝක කුසලානයේ අද (29) උදෑසන පැවති දකුණු අප්‍රිකාව සහ කැනඩාව අතර 32 දෙනාගේ වටයේ තරඟයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව තියුණු ජයග්‍රහණයක් හිමිකර ගැනීමට කැනඩාව සමත් විය.

ස්ටීවන් යුස්ටාකියෝ අවසන් මොහොතේ ලබාගත් ගෝලයත් සමඟ දකුණු අප්‍රිකාව 0-1 ලෙස පරාජයට පත් කරමින් කැනඩාව ලෝක කුසලාන ඉතිහාසය වෙනස් කරමින් ප්‍රථම වතාවට අවසන් 16 දෙනා අතරට ගියේය.

ඒ අනුව ජෙසී මාර්ෂ්ගේ කැනඩා කණ්ඩායම මීළඟට හූස්ටන් ක්‍රීඩාංගණයේදී නෙදර්ලන්තය සහ මොරොක්කෝව අතර පැවැත්වෙන තරඟයේ ජයග්‍රාහකයන් සමඟ තරඟ වදිනු ඇත.

ලොස් ඇන්ජලීස් ක්‍රීඩාංගණයේදී අද පැවති තරඟයේ පළමු අර්ධයේදී දකුණු අප්‍රිකාවේ බෆානා බෆානා සිත් ඇදගන්නාසුළු දක්ෂතා පෙන්වමින් කැනඩා බාධකයන් තරණය කරන්නට උත්සාහ කළත් අවසානයේ ඔවුන් අසාර්ථක විය. පළමු අර්ධය අවසන් වීමට ආසන්නයේදී කැනඩා කණ්ඩායමහට ගෝල ලබාගැනීමට තිබූ අවස්ථා දෙකක්ම පිට පිටම අහිමි විය. මොයිස් බොම්බිටෝ හිසෙන් එල්ල කළ පහර සාර්ථකව ඕබ්‍රි මොඩිබා විසින් ගෝල සීමාව මතදී වළක්වාලනු ලැබූ අතර, ටජොන් බුකානන් එල්ල කළ පහරක් රොන්වෙන් විලියම්ස් විශිෂ්ට ලෙස වළක්වාලන ලදී.

ksport knews2

තරඟය නැවත ආරම්භ කිරීමෙන් පසුව කැනඩාව තරඟයේ පාලනය නැවත සියතට ගත් අතර ටානි ඔලුවාසෙයි එල්ල කළ පහර විලියම්ස් විසින් විශිෂ්ට ලෙස වළක්වාලීමෙන් පසු, නැවත ආපසු පැමිණි පන්දුවට කැනඩා ක්‍රීඩකයා පහර දීමට පෙර එම්බෙකෙසෙලි එම්බොකාසි එය ඉවතට තල්ලු කළේ ය.

75 වැනි මිනිත්තුවේදී ඇල්ෆොන්සෝ ඩේවිස් විශාල ඝෝසාවක් සමඟ ක්‍රීඩා පිටියට පිවිසි අතර ඔහු සිය වේගය සහ උපක්‍රමශීලී බව මගින් දකුණු අප්‍රිකාවට දැඩි තර්ජනයක් එල්ල කළේය. දඬුවම් පහර කලාපය ආසන්නයේදී ඉපිලුන පන්දුවකට මනාව පාද හසුරවමින් එය දැලේ පහළ කෙළවරට යොමු කළ යුස්ටාකියෝ කැනඩාව 16 දෙනා අතරට ගෙන ගියේ ය.

ඉතිහාසයේ පළමු වරට පිළිමළුන් පිටුදැකීමේ 32 වටයට පැමිණි දකුණු අප්‍රිකාව, ඉතිහාසයේ ප්‍රථම වතාවට කැනඩාවට 16 දෙනා අතරට යන්නට මාර්ගය විවරකර දෙමින් තරඟාවලියෙන් ඉවත්විය.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...