‘ස්වාමීනි, අද ලබා දුන් මෙම තීන්දුව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වටා ක්‍රියාත්මක වූ කුමන්ත්රණයේ අවසාන ප්රතිඵලයයි. මෙම තීන්දුව ගැන සතුටු වන පුද්ගලයින් දෙදෙනෙකු සිටිනවා. ඒ මුල සිටම නීතිපති දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂා කළ නිලන්ත ජයවර්ධන සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන’.
2019 පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු, අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය විසින් බෙදුනු නඩු තීන්දුවක් මගින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හට මරණ දඬුවම නියම කළ අතර එම නඩු තීන්දුවෙන් පසුව උසාවිය අමතමින් හේමසිරි ප්‍රනාන්දු මෙම අදහස් පළ කළේය.
මෙම නඩු තීන්දුවෙන් පසුව සමාජ මාධ්‍ය තුළද ප්‍රශ්න කිරීමට ලක්වන්නේ එවක ආරක්ෂක අමාත්‍ය ධුරය මෙන්ම ජනාධිපති ධුරය දරනු ලැබූ මෛත්‍රීපාල සිරිසේනට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයිද යන්නයි.






