K News

Trending Now

ඉන්ධන මිල සූත්‍රය වහාම රටට කියන්න – පාඨලී

patali champika knews

වර්තමානයේ ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළේ ඉන්ධන අලෙවි කරනු ලබන මිල ගණන් සහ සිංගප්පූරුවෙන් ආනයනය කරනු ලබන මිල අතර විශාල පරතරයක් තිබෙන බැවින් මෝටර් සයිකල්, ත්‍රිරෝද රථ, බස් හිමියන් ඇතුළු සමස්ත ජනතාවගේ දැනගැනීම පිණිස ඉන්ධන මිල සූත්‍රය (මිල හැදෙන හැටි) වහාම රටට හෙළි කරන්න යැයි හිටපු බලශක්ති අමාත්‍යවරයෙකු වන පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි.

සිය ෆේස්බුක් ගිණුමේ ඉන්ධන මිල ගණන්වල දත්ත සටහනක් එකතු කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

එම දත්ත සටහනට අනුව, මෙම මිල ගණන් ඇ.ඩො. 1ක වටිනාකම රුපියල් 330ක් ලෙස ගණනය කර ඇති අතර සිංගප්පූරු වරායෙන් ආනයනික (FOB) මිල සහ ලංකාවේ දැනට පවතින වෙළෙඳපොළ මිල අතර සංසන්දනය පහත පරිදි වෙයි.

පෙට්‍රල් 92:

ආනයනික මිල : රු. 292 (බැරලය ඇ.ඩො. 141)

ලංකාවේ මිල : රු. 414

පෙට්‍රල් 95:

ආනයනික මිල: රු. 305 (බැරලය ඇ.ඩො. 147)

ලංකාවේ මිල: රු. 475

ඔටෝ ඩීසල්:

ආනයනික මිල: රු. 350 (බැරලය ඇ.ඩො. 169)

ලංකාවේ මිල: රු. 392

සුපර් ඩීසල්:

ආනයනික මිල: රු. 367 (බැරලය ඇ.ඩො. 177)

ලංකාවේ මිල: රු. 528

බොරතෙල් :

ආනයනික මිල: රු. 213 (බැරලය ඇ.ඩො. 103)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *