ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අක්කරායන්කුලම් පොලිස් බලප්‍රදේශයට අයත් පලෙයි රක්ෂිතය තුළ කොටි සංවිධානයේ පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට ප්‍රකාශයක් නිකුත් කළ සහ සමාජ මාධ්‍ය හරහා එම කරුණ සම්බන්ධයෙන් ම වීඩියෝවක් නිකුත් කළා යැයි කියන පුද්ගලයකු ඊයේ (18) ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙයි.
සමාජ මාධ්‍ය හරහා අසත්‍ය හා තහවුරු නොකළ කරුණු ප්‍රකාශ කිරීම සහ එමඟින් මහජන කැළඹීමක් ඇති කිරීමට උත්සාහ කිරීම යන චෝදනා මෙම සැකකරු වෙත එල්ල කරන එම පොලිස් කොට්ඨාසය මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ප්‍රකාශ කරයි.
ඒ අනුව මෙම සැකකරු අද (19) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.






