දැනට ඇතුල සන්සුන් – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත

sajeewa madawatta knews

දැනට මහර බන්ධනාගාරයේ ඇතුලත තත්ත්වය සන්සුන් බවත් රැඳවියන් විසින් බන්ධනාගාර රෝහලට එහි කුස්සියට සහ අලුත් ගොඩනැගිල්ලට දැඩි හානියක් සිදුකර ඇති බවත් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත ප්‍රකාශ කරයි.

මෙම බන්ධනාගාරයේ රිමාන්ඩ් රැඳවියන් සහ සිරකරුවන් 4100කට වැඩි ප්‍රමානයක් රඳවා සිටින බව ප්‍රකාශ කරන ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඊයේ (1) හවස 4.30ට පමණ ආරම්භ වුණ මෙම නොසන්සුන්තාවය අද(2) උදෑසන 6 පමණ වනතුරු පැවති බවයි.

පසුගිය දා මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය පාඩමකට ගෙන පොලීසිය, විශේෂ කාර්‍යය බලකාය සහ ත්‍රිවිද හමුදාව එක්ව අද උදෑසන වනවිට තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කළ බව ප්‍රකාශ කරන ඒ මහතා රැඳවියන්ට ආහාර වතුර වැනි අත්‍යාවශ්‍ය දේ ලබාදීමට කටයුතු කරමින් ඇතැයි ද රැඳවියන් මේ වනවිට සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ වාට්ටු තුළ ට දාමා ඇතැයිද ප්‍රකාශ කරයි.

බන්ධනාගාරය තුළ රෝගී තත්ත්වයන්වලට අදාළව බෙහෙත් ලබාගන්නට අවශ්‍ය රෝගීන් 10 දෙනෙක් පමණ සිටින බව ප්‍රකාශ කරන ඒ මහතා මෙම තත්ත්වය නිසා තුවාල ලැබූ රැඳවියන් තුන් හතර දෙනෙක් තවමත් බන්ධනාගාරය ඇතුලත සිටින බවත් ප්‍රකාශ කරයි.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...