22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ නඩු විභාගය, අද (2) අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ තීරණය කථානායකවරයා වෙත යොමු කරන බව ප්‍රකාශ කළේය.
මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් සහ සහාය පළ කරමින් ගොනුකළ පෙත්සම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සහ නීතිපතිවරයා අද දිනයේද කරුණු ඉදිරිපත් කළ අතර එම කරුණු සලකා බැලූ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
මෙම පෙත්සම්වලට අදාළ ඉදිරිපත් නොකළ ලිඛිත දේශන තිබේ නම් ඒවා හෙට (3) ප.ව. 3ට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් මෙහිදී විනිසුරු මඩුල්ල විසින් දැනුන් දෙනු ලැබීය.






