ජනාධිපති සටනින් කම්කරු පක්ෂයේ අපේක්ෂකයා වන ලූලා ද සිල්වාව මිනිස්සු විසින් දිනෙව්වා. මේ මැතිවරණ ව්‍යාපාරය මම බලන් හිටියේ හේතු කිහිපයක් නිසා. ඒ, මෙහි ප්‍රතිඵලය ලෝකයට සැලකිය යුතු බලපෑමක් කරන නිසයි. අද ඒ ප්‍රතිඵලය ජනතාවාදී එකක් වෙලා තිබෙනවා. මිනිස්සුන්ට සල්ලිවලට, මාධ්‍ය බලඇණිවලට, ඇල්ගොරිදම්වලට, ජාතිවාදයට සහ දුෂ්ට අදහස්වලට එරෙහිව සටන් කරන්න තියෙන ශක්තිය මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් ලෝකයට ඔප්පු කරලා තිබෙනවා!
ලූලා කම්කරුවෙක් විදිහට ජීවිතය පටන් ගත්ත කෙනෙක්. බාලවයස්කාර දරුවෙක් විදිහට අවුරුදු දහහතේදී සපත්තු කර්මාන්තශාලාවක වැඩ කරද්දී එයාගේ එක ඇඟිල්ලක් කැපිලා වෙන් වෙනවා. ඒ නිසා ලූලාට තියෙන්නේ අත් දෙකේම ඇඟිලි නවයයි. මේ ඡන්ද ව්‍යාපාරයේදී අන්ත දක්ෂිණාංශික අපේක්ෂකයා සහ ඔහුගේ මතය පිළිගත් අය වැඩියෙන්ම ලූලාට පහර දෙන්න යොදා ගත්ත දෙයක් වුණේ ලූලාට තියෙන්නේ ඇඟිලි නවයයි කියන එක. බ්‍රසීල ජනාධිපතිවරණයේ අවසාන ප්‍රසිද්ධ රූපවාහිනී විවාදයේදී පවා අන්ත දක්ෂිණාංශික අපේක්ෂකයා කිව්වේ ලූලාට නවයයි, එයාට දහයයි, ඒ නිසා එයා දිනනවා කියලා!
මට මතක් වුණේ මීට අවුරුදු දෙකකට කලින් අපේ ජනාධිපතිවරණයේදී අනුර සහෝදරයාට ඔය විදිහටම කරපු අපහාස. දැනුත් කරන අපහාස!
ලූලා පුංචි මිනිහෙක්! ඒත් බ්‍රසීලේ මිනිස්සු පෙන්නුවා එයාලා බ්‍රසීලය තරම්ම ලොකුයි කියලා! ඔහොම යං! තව තවත් ජනතාවාදීව!!
උපුටා ගැනීම – බිමල් රත්නායකගේ ෆේස්බුක් පිටුවෙන්




