අකාර්‍යක්ෂම රාජ්‍ය කළමනාකරණය හේතුවෙන් ඩෙංගු උග්‍ර ව්‍යසන තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් ඇතැයි ප්‍රකාශ වෙයි.
පසුගිය ජනවාරියේ සිට අද (19) උදෑසන වනවිට ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝගීන් 44,480ක් වාර්තා වී ඇති බවත් ඒ අතරින් 28 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.
මේ වනවිට දිනකට ඩෙංගු රෝගීන් 600ක් පමණ වාර්තා වෙන බවත් එම ප්‍රමානය දෛනිකව වැඩිවෙමින් පවතින බවත් පසුගිය අප්‍රේල් මාසයේ රෝගීන් 5600ක්ද මැයි මාසයේ රෝගීන් 8500ක්ද වාර්තා වී ඇති බවත් ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.
මේ වනවිට දිස්ත්‍රික්ක 14ක් පුරාවට ඩෙංගු රෝගය පැතිර ගොස් ඇති අතර වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයෙන්ය. එසේ වාර්තා වෙන රෝගීන් එන්න එන්නම වැඩිවෙන බව ප්‍රකාශ වෙන අතර වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හොත් තත්ත්වය තවත් දරුණු අතට හැරෙන්න පුළුවන් බවට අනතුරු ඇඟවේ.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ කොළඹ, ගම්පහ, මාතර, කළුතර, රත්නපුර, ගාල්ල, මහනුවර, හම්බන්තොට, කෑගල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් වැඩිම ඩෙංගු ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවත්, මෙම රෝගය තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින බැවින්, ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ය.




