ඔසු හිඟයි – රෝගීන් අනාථයි

medicine

රජයේ සහ පෞද්ගලික අංශයේ පවතින උග්‍ර ඖෂධ මෙන්ම ශල්‍ය උපකරණ හිඟය නිසා අසරණ වී සිටින්නේ පොදු ජනතාවයි.

මේ හේතුවෙන් අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් වෙනුවෙන් සාමාන්‍ය මිල මෙන් තුන් ගුණයකට වඩා වැඩි පිරිවැයක් ගෙවීමට රෝගීන්ට සිදුව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා. මේ පිළිබඳව අදහස් දැක්වූ එහි සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දුන්නේ රුපියල් 600ක් වැනි සාමාන්‍ය සිල්ලර මිලකට අලෙවි විය යුතු ඖෂධ පවා මේ වන විට රුපියල් 2,000කට ආසන්න අධික මිල ගණන් යටතේ විකිණෙන බවයි.

රට තුළ පවතින මෙම දැඩි හිඟය නිසා ලියාපදිංචි නොකළ, ප්‍රමිතියෙන් තොර ඖෂධ මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස රට තුළට ගලා ඒමේ ප්‍රවණතාවක් ද මතුව තිබේ. පසුගියදා ශ්‍රී ලංකා රේගුව සහ නාවික හමුදාව එක්ව මෙලෙස මෙරටට ගෙන ආ නීති විරෝධී ඖෂධ තොග කිහිපයක්ම වටලනු ලැබුවා.

රජය වහා මැදිහත් වී මෙම ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දිය යුතු බවත්, නියාමන ක්‍රියාවලිය දැඩි නොකරන්නේ නම් අධික මිලක් ගෙවා ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ මිලදී ගැනීමට සිදුවන බවත්, එමඟින් පොදු ජනතාවගේ ජීවිත බරපතල සෞඛ්‍ය අවදානමකට ලක්වන බවත් වෛද්‍ය සංජීව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

පාස්කු මහ නඩුවේ තීන්දුව – 15කට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්. 9කට නිදහස..!

2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ප්‍රධාන අපරාධ නඩුවේ තීන්දුව ඊයේ (22) ප්‍රකාශයට පත් විය. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කර නවදෙනෙකු නිදොස් කොට නිදහස් කළේය...

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...