K News

Trending Now

අනෝජන් සිවරාසාට මොකක් වෙයිද?

siwarasha anojan knews

මුහම්මද් නබිනායකතුමාට අපහාස වන ආකාරයේ Facebook සටහනක් පළ කළ බවට චෝදනා ලබා සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වූ ශ්‍රී ලාංකිකයෙකු වන සිවරාසා අනෝජන් සම්බන්ධයෙන් මේ වනවිට නවතම තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

ඔහු සෞදි බන්ධනාගාරයේ සිටියදී අනෙකුත් සිරකරුවන්ගේ පහරදීමකට ලක්ව හිසට තුවාල ලබා ඇති බවට ඔහුගේ පවුලට සහාය වන සමාජ ක්‍රියාකාරිකයෙකු වන රාජ්කුමාර් රජීව්කාන්ත් ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් මෙම ප්‍රහාරය පිළිබඳ තොරතුරු තවමත් ස්වාධීනව තහවුරු වී නොමැත.

මේ අතර අනෝජන්ගේ මරණ දඬුවම පිළිබඳව සෞදි නීතිඥයන් සමඟ කතා කිරීමට සහ අනෝජන්ට දුන් දඬුවමට එරෙහිව සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට මේවනවිට අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ අසාද් නවාවි, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහ නීතිඥ හෆීල් ෆාරිස් ඇතුළත් සිව් පුද්ගල නීතිඥ කණ්ඩායමක් සෞදිය බලා පිටත්ව ගොස් ඇත.

අනෝජන්ට මුලින් වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන 3ක පමණ දඩයක් නියම වී තිබුණද, ඔහුගේ අභියාචනයෙන් පසුව එම තීන්දුව වෙනස් කරමින් මරණ දඬුවම නියම කර තිබේ.

එසේ නම් ශ්‍රී ලංකාවට මෙම මරණ දඬුවම නවතා ගැනීමට හැකි වේද?

මේ වීඩියෝවෙන් ඒ පිළිබඳව පැහැදිලි කරමු.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු තවදුරටත් තහවුරු වන විට K News හරහා ඔබ වෙත ගෙන එන්නෙමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *