AI රැකියා නැති කරන්නේ නෑ රැකියා වැඩි කරනවා – ඇමසන් නිර්මාතෘ ජෙෆ් බෙසොස්

jeff bezos knews

කෘතිම බුද්ධිය මිනිසුන්ගේ රැකියා අහිමි කරනවා යන්න මිත්‍යාවක් බවත් ඒ වෙනුවට AI විසින් ශ්‍රමිකයින් සඳහා වැඩි ඉල්ලුමක් ඇති කරනු ඇති බවත් ඇමසන් නිර්මාතෘ ජෙෆ් බෙසොස් පැරිසියේ පැවති තාක්‍ෂණික සමුළුවක් අමතමින් ප්‍රකාශ කර ඇත.

ලොව බුද්ධිමතුන් බොහෝමයක් AI මගින් මිනිසුන්ගේ රැකියා අහිමි කරනු ඇති බවට විශාල කනස්සල්ලක් ඇති කර තිබෙන බව ප්‍රකාශ කරන ඔහු තමන් මේ ජනප්‍රිය මතය සමඟ තමන් එකඟ නොවෙන බවත් ඇත්තටම සිද්ධවෙනු ඇත්තේ AI නිසා ශ්‍රම වෙළඳපොළේ විශාල හිඟයක් ඇති වීම බවත් ප්‍රකාශ කරයි.

ලෝකයේ මුල්පෙළේ බිලියනපති ව්‍යවසායකයෙක්වන ජෙෆ් බෙසොස් මෙසේ ප්‍රකාශ කළේ භෞතික නිෂ්පාදන වේගවත් කිරීම කෙරෙහි අවධානය යොමු කරන ඔහුගේ නව AI ව්‍යාපෘතිය වන ප්‍රොමිතියස් පිළිබඳව සඳහන් කරමින් ය. යුරෝපයේ විශාලතම තාක්‍ෂණ ප්‍රදර්ශනය වන VivaTech Paris වෙත පැමිණෙමින් අභ්‍යවකාශ ගවේෂණය සඳහා වන ඔහුගේ දිගුකාලීන දැක්ම ලෝකයට අනාවරණය කරන්නට ද මෙහිදී ඔහු කටයුතු කළේය.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

පාස්කු මහ නඩුවේ තීන්දුව – 15කට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්. 9කට නිදහස..!

2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ප්‍රධාන අපරාධ නඩුවේ තීන්දුව ඊයේ (22) ප්‍රකාශයට පත් විය. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කර නවදෙනෙකු නිදොස් කොට නිදහස් කළේය...

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...