ඩෙංගු මාරයාගෙන් ගැළවීමක් නැහැ – අධි අවධානම් කලාප 162ක්

sri lanka dengue outbreak cases increase knews

මෙම වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 76,044ක් වාර්තා වී ඇති බවත් දිවයින පුරා රෝගය තවදුරටත් වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 162කක් තවමත් අධි අවධානමේ බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.

පසුගිය ජූලි 19 දිනයේදී පමණක් නව ඩෙංගු රෝගීන් 2,652ක් වාර්තා වී ඇති බව ප්‍රකාශ කරන එම ඒකකය පසුගිය මාස කිහිපය තුළ, විශේෂයෙන් නිරිතදිග මෝසම් තත්ත්වය ආරම්භ වීමෙන් පසුව, ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.

පසුගිය මැයි මාසයේදී රෝගීන් 8,590ක් වාර්තා වී ඇති අතර, ජූනි මාසයේදී එම සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩි වෙමින් 21,537ක් වී ඇත.

ජූලි මාසයේ මුල් දින 19 තුළ පමණක් රෝගීන් 20,666ක් වාර්තා වී ඇති අතර, මෙම වසරේ මෙම කාලය තුළ ඩෙංගු ආශ්‍රිත මරණ 53ක් වාර්තා වී ඇති බවත් එහි මරණ අනුපාතය 0.07% ක් බවත් එම ඒකකය ප්‍රකාශ කරයි.

මුළු රෝගීන්ගෙන් හරි අඩකට වඩා වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙන් වන අතර, එය ආසාදිතයින් 40,009ක් බවත් එහි ප්‍රතිශත අගය ජාතික මුළු එකතුවෙන් 52.61%ක් බවත් ප්‍රකාශ කරන එම ඒකකය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ, දකුණු පළාතෙන් රෝගීන් 11,707ක් ද මධ්‍යම පළාතෙන් රෝගීන් 6,431ක් ද වශයෙන් වාර්තා වී ඇති බවය.

දිස්ත්‍රික් මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම ප්‍රමානය 15,910කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 15,110ක් වාර්තා වෙන අතර එම රෝගීන් ගෙන් 3,073ක් කොළඹ මහනගර සභා සීමාවෙන් වාර්තා වී ඇත.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...