වී අලෙවි මණ්ඩලය සතුව ඇතැයි කියන මෙ.ටො 30,000ක වී තොගය සහල් බවට පත් කර වෙළෙඳපොළට නිකුත් කිරීමේ සැලැස්මකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
රජය විසින් අලුතින් වී මිලදී ගැනීමේ වැඩසටහන වෙනුවෙන් සහ වෙළඳපොළට ප්රමාණවත් සහල් සැපයුමක් සහතික කිරීමේ අරමුණින් මෙම වී තොග සහල් බවට පත් කළ යුතු යැයි 2026 ජූලි 22 දින පැවති ආහාර ප්රතිපත්ති කමිටු රැස්වීමේදී නිර්දේශ කර ඇති අතර ඒ අනුව මෙම කැබිනට් පත්රිකාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් ව ඇත.
මෙම වී තොගය සහල් බවට පරිවර්තනය කර අලවි කිරීම, සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව විසින් සිදුකරන බවද, වී අලෙවි මණ්ඩලයේ ලියාපදිංචි වී ඇති සහල් මෝල් හිමියන් හරහා මෙම වී සහල් බවට පත්කර ගැනීමට සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව කටයුතු කරනු ඇති බවද වාර්තා වෙයි.
ඒ අනුව මෙමගින් නිෂ්පාදනය කෙරෙන සහල් ලංකා සතොස, සමුපකාර අලෙවිසැල් සහ පෞද්ගලික අංශයේ වෙළෙඳුන් හරහා පාරිභෝගිකයින් වෙත බෙදා හැරීමට නියමිතය.






