K News

Trending Now

වසර 15කට පසු PTA සැකකරුවෙකුට ඇප

untitled

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි නීති රෙගුලාසි යටතේ වසර 15කට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවූ තම්බයියා ප්‍රකාශ් නොහොත් ධනුෂ් නමැති විත්තිකරුට දැඩි කොන්දේසි මත ඇප ලබාදීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

මීට පෙර කොළඹ මහාධිකරණය විසින් මොහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබූ අතර, විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ විනිසුරු පී. කුමාරරත්නම් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම නියෝගය නිෂ්ප්‍රභ කරමින් මෙම ඇපය අනුමත කළේය.

නඩු විභාගයකින් තොරව සැකකරුවෙකු මෙලෙස දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීම ඇප ලබාදීමට සුදුසු ‘සුවිශේෂී තත්ත්වයක්’ බව අධිකරණය මෙහිදී පෙන්වා දුන්නේය. 2009 අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගන්නා විට 26 හැවිරිදි වියේ පසු වූ මෙම විත්තිකරුට එරෙහිව චෝදනා 230ක් ගොනු කර ඇත. 2022 සංශෝධන මඟින් සුවිශේෂී තත්ත්වයන් යටතේ ඇප දීමට අධිකරණයට බලය පවරා තිබියදී, මහාධිකරණය එම ව්‍යවස්ථාදායක අරමුණ නිසි ලෙස සලකා බලා නොමැති බවද අභියාචනාධිකරණ තීන්දුවේ සඳහන් වේ.

ඒ අනුව, රුපියල් 200,000ක මුදල් ඇපයක්, රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇපකරුවන් සිව්දෙනෙකු, විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාරදීම සහ සෑම සති දෙකකට වරක් පොලිස් මූලස්ථානයේ ත්‍රස්ත විරෝධී කොට්ඨාසයට වාර්තා කිරීම ඇතුළු දැඩි කොන්දේසි මත විත්තිකරු මුදා හැරීමට නියෝග කෙරිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *