හරක් කටාගේ නම් ලැයිස්තුව තවත් දික්වෙයි..!

harak kata knews

විජේදාස රාජපක්ෂ, ටිරාන් අලස්, සාගල රත්නායක, දේශබන්දු තෙන්නකෝන් ආදී පුද්ගලයන් රැසක් හරක්කටාගේ සිද්ධියට අදාළව අත්අඩංගුවට පත්විය හැකි යැයි වාර්තා වෙයි.

නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ ගෙන් අල්ලස් ලබාගත්තා යන සිද්ධියට අදාළව මෙසේ මෙම පිරිස අත්අඩංගුවට පත්විය හැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ.

මේ වනවිට මෙම අල්ලස් ගනුදෙනුව පිළිබඳ විමර්ශනයන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව සිදුකරගෙන යන අතර එම විමර්ශනයන් තුළ ඉහත නම් සඳහන් පුද්ගලයන්ට අමතරව තවත් දේශපාලඥයන් නීතිඥවරුන් පොලිස් නිලධාරීන් පිළිබඳව විමර්ශනයන් ආරම්භ වී ඇති බවත් ඔවුන් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වෙමින් ඇති බවත් වාර්තා වෙයි.

එම වාර්තා වෙන කරුණු සහ සාක්ෂිවල ප්‍රබලතාවය මත ඉදිරි දින කිහිපයේදී මෙම පුද්ගලයන් අතරින් කිහිප දෙනෙක් හෝ අත්අඩංගුවට පත්විය හැකි බවට දැනගන්නට ලැබේ. මේ වනවිට මෙම සිදුවීමට අදාළව හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන හොඳහිත ව්‍යාපාරයේ හිමිකරුගේ පුත් වරුෂහැන්නදිගේ අරුණ ශ්‍රී චතුරංග ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

රැඳවුම් නියෝග ලබා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටි හරක් කටා එයින් මුදාහැර සාමාන්‍ය බන්ධනාගාරයකට යොමු කිරීම, සීඅයිඩීය තුළදී ඔහු ඝාතනය කිරීමෙන් වළකා ගැනීම ආදී කටයුතු සඳහා මෙම පිරිස මුලින් රුපියල් කෝටි 50ක් ඉල්ලා සිට ඇති අතර පසුව එම මුදල රුපියල් කෝටි 20ක් දක්වා අඩු කර එයින් අත්තිකාරම් වශයෙන් රුපියල් කෝටි 12ක් ලබාගැනීම මෙම සිදුවීමේ මුලයි. නමුත් දැන් වාර්තා වෙන ආකාරයට මෙම ගනුදෙනුවට ඔබ්බෙන් තවත් විශාල වශයෙන් මුදල් සංසරණය වී ඇති බව අනාවරණය වී ඇතැයි කියවෙයි.

රටේ අධිකරණ ඇමතිවරයා, ජනාධිපති කාර්‍යය මණ්ඩල ප්‍රධානියා, පොලීසිය භාර අමාත්‍යවරයා, පොලිස්පතිවරයා ආදී වූ රාජ්‍යයේ ප්‍රබලයන් මෙම දූෂිත ගනුදෙනු පිළිබඳව සැකයට පාත්‍රවී තිබෙන පසුබිමක ශ්‍රී ලංකා රාජ්‍යය යනු කුමක්ද යන ප්‍රශ්නය නැවත වතාවක් අපි අපගෙන්ම අසාගත යුතු තත්ත්වයක් උදාවී ඇත.

-කේ. සංජීව-

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...