හරක් කටාට ත්‍රස්ත පනත බෑ

harak kata pta knews

හරක් කටා හෙවත් නඳුන් චින්තක වික්‍රමරත්න ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කළ නොහැකි බව කොළඹ මහාධිකරණය අද (30) ප්‍රකාශ කර ඇත.

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් මිදී පැනයාමට කුමන්ත්‍රනය කළැයි නඳුන් චින්තක වික්‍රමරත්න ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනුකර තිබුණ අතර එම චෝදනාවන් පවත්වාගෙන යාමට හැකියාවක් නැතිබව කොළඹ කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල තීන්දු කර ඇත.

එහිදී මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත්තේ, චූදිතයින් කර ඇතැයි කියන වැරදි සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ චෝදනා පවත්වාගෙන යාමට බාධාවක් නොමැති බවයි.

මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටිමින් ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා සහ නීතිඥ ජාලිය සමරසිංහ ඇතුළු නීතිඥවරුන් සිය මූලික විරෝධතා මතු කරමින් සඳහන් කර ඇත්තේ, සිය සේවාදායකයින්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැමිණිල්ල විසින් එල්ල කරනු ලැබ ඇති චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බව ය.

එහිදී එම නීතිඥයන් කරුනු දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ, විත්තියට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 2(1)(අ) වගන්තිය යටතේ චෝදනා ඉදිරිපත් කර තිබුණත් ඔවුන් කළ වරද, පැමිණිල්ල විසින් නිශ්චිතව දක්වා නොමැති බවත් ඒ අනුව අදාළ වගන්තිය යටතේ විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවත් ‍ය.

මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම නියෝගය නිකුත් කිරීමෙන් අනතුරුව විත්තියේ නීතිඥයන් විත්තිකරුවන් වෙනුවෙන් ඇප ඉල්ලීම් ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ නියෝගය එලබෙන 03 දා ප්‍රකාශයට පත් කරන බව ද විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත.

හරක් කටා හෙවත් නඳුන් චින්තක වික්‍රමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ හිටපු පොලිස් කොස්තාපල් රවිඳු සංදීප ගුණසේකර, දිනේෂ් තරංග, මිදිගම රුවන් හෙවත් රුවන් චාමර, සංජය අබේසිංහ මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කර ඇත.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...