ලංකාවේ සිටින ප්‍රධාන පෙළේ සියලු දේශපාලනඥයින් අතරින් සජිත් ප්‍රේමදාස කියන දේශපාලනඥයාට හයියක්, ආදරයක් සහ කැක්කුමක් තිබ්බා කාවන්තිස්ස මියයන්න කලින් ගිහින් එයාගේ නළලට හාදුවක් දෙන්න.
වන සත්තු ගැන දන්න නිසා එයාට කාවන්තිස්ස ආයේ නැගිටින්නේ නැහැ කියලා දැනෙන්න ඇති.
ඇත්තටම කිව්වොත් එයාට ඒ අවසන් හාදුව දෙන්න යන්න තරම් වෙලාවක් හොයාගන්න පුළුවන් වුණා. මඩේ බැහැලා එයා ඒක කළා. ඒ වෙනුවෙන් කැපකරන්න වෙලාවක් තිබ්බා. මිනිහෙක් ගත්තම ඒ පොඩි වෙලාව වැදගත්.
කාවන්තිස්ස වැටුණා කියලා ආරංචි වෙච්චි සැණින් එයා ගියා යාළුවා බලන්න. ඒක එයා කළේ ඇත්තටම.
මාර බිසී (කාර්යබහුල) දේශපාලනඥයෝ රට හදන්න මාර බිසී වෙලාවක ඒ වැඩේට නොයන්න තරම් එයා බිසී වුණේ නැහැ. ඔය බිසී කියන එවුන් බිසී වෙලා මේ රට හැදුවා නම් මේක සුරපුරයක්…
සජිත්ට ලංකාවේ මිනිස්සු වෙනුවෙන් දේශපාලනය කරන අතරේ නඩත්තු කරන්න වෙනත් ජීවිතයකුත් තියෙනවා. එයා ඇත්තටම කැලේ කොළේ රිංගලා නේචර් ෆොටෝග්‍රැෆි කරනවා. ගහකොළට, වන සතාට ආදරේ කරනවා කැමරාවට ඔබ්බෙන්.
දන්න විදියට ගිටාර් එකක් ගහනවා. පියානෝ ගහනවා. ඩ්‍රම් එක සෙල්ලම් කරනවා. පොඩි සංස්කෘතික කෑල්ලක් එයාගේ තියෙනවා. අනික් ඔක්කොමලා රට හදන්න බිසී.
මෙතැන ගත්තම සජිත්ගේ පොඩි වෙනසක් තියෙනවා. මේ ෆොටෝ එක එන්නේ ඒ වෙනස් තැනින්. මාකට් එකට දාන්න තරම් හොඳම ෆොටෝ එකකුත් නෙවෙයි.
අනික් අයගේ නැති, ඔයාගේ තියෙන ඒ පොඩි කෑල්ලට.. සජිත් !!
මහේෂ් හපුගොඩ
අලි බැලිල්ල ගැන මෙතනින් කියවන්න – https://knews.lk/wild-elephant-watching-sri-lanka/




