29 හැවිරිදි ඉෂාර හර්ෂ කුමාර නැමැති තරුණයා අද දින (25) හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇතැයි වාර්තා වෙයි.
පොලිස් ප්රචණ්ඩත්වය හමුවේ මියගියා යැයි සැක කෙරෙන මෙම තරුණයාගේ මරණය පිළිබඳව සිය මුහුණුපොත හරහා අදහස් දක්වන සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධානී, නීතිඥ සේනක පෙරේරා ප්‍රකාශ කරන්නේ, මෙම තරුණයා පොලීසිය ප්‍රශ්න කිරීමට රැගෙන යන විට හොඳින් සිට ඇති බවත්, ප්‍රශ්න කිරීමෙන් පසුව පැමිණ ඇත්තේ ඇවිද ගැනීමටවත් නොහැකිව කටින් ලේ පිටකරමින් බවත්ය.
එම තරුණයාගේ බිරිඳ මේ පිළිබඳව පොලිසියෙන් කරුණු විමසා ඇති බවත්, එහිදී ‘මෙයා ඉන්නේ සික් එකේ නිසා කෑල්ලක් දුන්නොත් හරියයි’ යනුවෙන් පොලිසිය ඇයට ප්‍රකාශ කර ඇති බවත් ඒ මහතා සිය මුහුණුපොත හරහා ප්‍රකාශ කර ඇත.
අවසානයේ මෙම තරුණයාගේ මරණය පිළිබඳව ඔහු මෙසේ සටහන් කර ඇත:
‘පස්සේ පොලිස් වාහනයෙන්ම මේ තරුණයාගේ අක්‍රිය සිරුර හෝමාගම රෝහලට ගෙනියනවා. දැන් පොලිසිය මේ අපරාධය සඟවන්න හැමදේම කරමින් ඉන්නේ. ගේට්ටු වහගෙන කාටවත් ඇතුළට එන්න දෙන්නේ නැතුව, කූඩුවේ හිටපු, මේ සියලු දේවල් ඇසින් දුටු අනෙක් සැකකරු හා කිසිවෙකු සම්බන්ධ වීම වළක්වලා තියෙනවා. ඒ වගේම ඒ සැකකරුට මිලිග්‍රෑම් 10ක් දාලා හෙට හයිකෝට් කේස් එකක් දානවා කියලත් ආරංචියි.’





Pingback: හෝමාගම තරුණයාගේ මරණයට හේතුව මොළයේ අභ්‍යන්තර ලේ ගැලීමක්