K News

Trending Now

නාමල්ට අදත් ඇප නෑ හෙට මහාධිකරණයට..!

නාමල් රාජපක්ෂ – එයාර්බස් ගනුදෙනුවට අදාළ අධිකරණ කටයුතු

එයාර්බස් ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම අදත් ප්‍රතික්ෂේප කරන්නට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම පියවර ගත්තේය.

අද දින (27) නාමල් රාජපක්ෂ වෙනුවෙන් ඇප ඉල්ලීමක් සිදුකර තිබුණු අතර ඒ සම්බන්ධයෙන් සිය ස්ථාවරය දැනුම් දෙමින් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබුණේ එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් අධිචෝදනා ලබා ඇති නාමල් රාජපක්ෂ හට ඇප නියම කිරීමට තමන්ට බලයක් නොමැති බවත්, තමන්ට කළ හැකි උපරිමය වන්නේ අධිචෝදනා ගොනුකර ඇති මහාධිකරණයට සැකකරු හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීම බවත් ය.

ඒ අනුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට හෙට දිනයේදී (28) නාමල් රාජපක්ෂ ඉදිරිපත් කිරීමට නියෝග කළ අතර එතෙක් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

ඒ අනුව නාමල්ට අදත් ඇප නෑ හෙට මහාධිකරණයට යන්නට සිදුවෙනු ඇත.

ක්‍රිෂ් ගනුදෙනුව පිළිබඳව අපගේ ගවේශණාත්මක මාධ්‍ය වාර්තාවන් කියවන්නට මෙතනින් පිවිසෙන්න –

https://knews.lk/namal-rajapaksa-remanded-srilankan-airlines-airbus-deal/

ක්‍රිෂ් දූෂණය – 02

නාමල්ට නඩු වැටුණ මොකද්ද මේ ක්‍රිෂ් ගනුදෙනුව – 01

Leave a Comment

Your email address will not be published. Required fields are marked *