K News

Trending Now

හෝමාගම තරුණයාගේ මරණයට හේතුව මොළය අභ්‍යන්තරයේ ලේ ගැලීමක්

හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය ඉෂාර හර්ෂ කුමාරගේ මරණය පිළිබඳ පුවත

හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය 29 වියැති ඉෂාර හර්ෂ කුමාර නම් හෝමාගම තරුණයාගේ මරණයට හේතුවිය හැකි මොළයේ අභ්‍යන්තරයේ ලේ වහනයක් සිදුවීම බව එම මරණය සම්බන්ධයෙන් පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.

මෙම පශ්චාත් මරණ පරීක්ෂණය අද (27) කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදු කෙරුණු අතර එහිදී පොලීසියට එරෙහිව එල්ලවෙන චෝදනාවන් වලට පැහැදිලි පදනමක් තිබෙන බව සනාථ වී ඇත.

පසුගිය 25දා හෝමාගම නිලධාරීන් විසින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ මූනමලේවත්ත, කිරිවත්තුඩුවේ පදිංචි මෙම පුද්ගලයා තවත් පුද්ගලයෙක් සමඟ අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටියා යැයි කියන චෝදනාවට අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඔහුගේ බිරිඳ චෝදනා කරන්නේ පොලීසිය විසින් තම සැමියාට අමානුෂික ලෙස පහරදී ඇති බවයි.

ඒ අනුව වර්තමාන ආණ්ඩුව බලයට පත්වූ පසුව පොලිස් අත්අඩංගුවේ සිටියදී මෙසේ 17 දෙනෙක් මරණයට පත්වී ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් තිදෙනෙක් මේ වන විට වැඩතහනමකට ලක්කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කරන අතර ජනතාව ප්‍රශ්න කරන්නේ පහරදී ඝාතනය කිරීමේ චෝදනාවට ඔවුන් අත්අඩංගුවට ගන්නේ කවදාද යන්නයි.

මෙම පුවත පිළිබඳව අපගේ කලින් මාධ්‍ය වාර්තාවන් මෙතැනින් කියවන්න –

හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙකු මිය යයි..!

Leave a Comment

Your email address will not be published. Required fields are marked *