K News

Trending Now

K Sanjeewa

eu delegation visits chemmani mass grave-knews

චෙම්මනිය යුරෝපීය සංගමයේ නිරීක්ෂණයට…!

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය ඉදිරිපත් කළ මෝසමකට අනුව, යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් යුරෝපීය සංගමයේ නියෝජිත පිරිසකට ජූලි 22 වන බදාදා දින චෙම්මනි සමූහ මිනීවළ කැණීම් භූමිය නිරීක්ෂණය සඳහා අවසර ලබා දී තිබේ. යුරෝපීය සංගම් තානාපතිවරිය ඇතුළු එහි සාමාජික රටවල තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන්ගෙන් සැදුම්ලත් මෙම නියෝජිත පිරිස අධිකරණ අධීක්ෂණය යටතේ සිදුකෙරෙන කැණීම් කටයුතු නිරීක්ෂණය කිරීමටත්, චෙම්මනි

චෙම්මනිය යුරෝපීය සංගමයේ නිරීක්ෂණයට…! Read More »

illegal forex outflow investigation-knews

2023 සිට ඩොලර් මිලියන 715ක් රටින් පන්නලා…!

භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 715ක මුදලක් නීති විරෝධී ලෙස රටින් පිටකර ඇති බවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී තොරතුරු අනාවරණය වී තිබේ.  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී කරුණු දැක්වීමෙන් අනතුරුව එහි වැඩිදුර  විමර්ශන කටයුතු සිදු කර ඇත්තේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය

2023 සිට ඩොලර් මිලියන 715ක් රටින් පන්නලා…! Read More »

nicaragua-daniel-ortega

නිකරගුවාවේ මින්පසු මැතිවරණ නෑ

සැන්ඩිනිස්ටා විප්ලවයේ 47 වන සංවත්සරය අමතමින් නිකරගුවාවේ සම-ජනාධිපති 80 හැවිරිදි ඩැනියෙල් ඔර්ටේගා ප්‍රකාශ කළේ ඉදිරියේ දී තම රට තුළ කිසිදු මැතිවරණයක් නොපවත්වන බවයි.  ඇමෙරිකානු සහාය ලබන විපක්ෂයට නැවත කිසිදිනෙක රාජ්‍ය බලය ඇල්ලීමට ඉඩ නොතබන බවත්, ඔවුන්ට බලයට පැමිණීමට ඇති සියලු මාර්ග වසා දැමීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන බවත් හෙතෙම අවධාරණය කළේය. 2007 සිට අඛණ්ඩව

නිකරගුවාවේ මින්පසු මැතිවරණ නෑ Read More »

bbc-journalists-privileges-committee-slwja-knews

පාර්ලිමේන්තු වරප්‍රසාද පනත මහිලා සමිතියක් වන් මන්ත්‍රී සංසදයට අදාළනෑ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය කළ දෝෂාරෝපණ වාර්තා කිරීම නිසා බීබීසී සිංහල සේවයේ මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීමට සැරසෙන පසුබිමක, පාර්ලිමේන්තු වරප්‍රසාද පනත සංසදවලට අදාළ නොවන බවට නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා පෙන්වා දෙයි. ඒ සම්බන්ධයෙන් වන නීතිමය තත්ත්වය පැහැදිලි කරමින් ඔහු සිය මුහුණු පොතට තබා තිබූ සටහන පහත දැක්වේ. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු වරප්‍රසාද සම්බන්ධයෙන් හැරුණු

පාර්ලිමේන්තු වරප්‍රසාද පනත මහිලා සමිතියක් වන් මන්ත්‍රී සංසදයට අදාළනෑ Read More »

viana-canal-solar-power-project-knews

වියානා ඇළ මතුපිට සෝලාර් ව්‍යාපෘතියක්

ඇළ මාර්ගයක් උපයෝගී කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන ප්‍රථම සූර්ය බලශක්ති ව්‍යාපෘතිය, වියානා ඇළ ආශ්‍රිතව ආරම්භ කිරීම සඳහා වන මූලික ශක්‍යතා අධ්‍යයන කටයුතු නිම කර තිබේ. මහියංගනයෙන් ඇරඹී කිලෝමීටර් 20කට වැඩි දුරකට විහිදෙන මෙම ඇළ මාර්ගය වසරේ වැඩි කාලයක් හොඳින් හිරු එළිය ලබන ප්‍රදේශයක පිහිටා තිබීම මෙම තේරීමට ප්‍රධාන හේතුව වී තිබේ. පසුගිය 20 වනදා මහවැලි අධිකාරියේ

වියානා ඇළ මතුපිට සෝලාර් ව්‍යාපෘතියක් Read More »

judges-retirement-age-extension-knews

නඩු ප්‍රමාදය නැති කරන්න විනිසුරු විශ්‍රාම වයස ඉහළට 

අධිකරණ පද්ධතිය තුළ දැනට ගොඩගැසී ඇති නඩු කටයුතු ප්‍රමාදයකින් තොරව අවසන් කිරීමේ අරමුණින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීමට රජය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (21) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මෙම පියවර හරහා නීතිය සහ අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාව

නඩු ප්‍රමාදය නැති කරන්න විනිසුරු විශ්‍රාම වයස ඉහළට  Read More »

Lakmali parliament privileges knews

නිදහස් මාධ්‍යයට එරෙහිව ආණ්ඩුව පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරයි..!

පල්ලේගම හේමරතන භික්ෂුව විසින් බාලවයස්කාර දැරියක බරපතළ ලෙස අපයෝජනයට ලක්කිරීමේ සිදුවීම පිළිබඳව සාකච්ඡා කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සාකච්ඡාව පිළිබඳව සාවද්‍ය තොරතුරු වාර්තා කළේ යැයි කියමින් බීබීසී සිංහල වෙබ් අඩවියේ සංස්කාරකවරිය සහ එහි මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් හට අනිද්දා (23) දිනයේදී පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවේ පෙනී සිටින්නැයි දන්වා ඇතැයි KNEWS වෙත වාර්තා වෙයි.  පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර ගේ පැමිණිල්ලක්

නිදහස් මාධ්‍යයට එරෙහිව ආණ්ඩුව පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරයි..! Read More »

Homagama katuwana fire knews

කටුවන ගින්නෙන් පහක් මරුට 

හෝමාගම, කටුවන කාර්මික ජනපදයේ පිහිටි හෙල්මට් නිෂ්පාදනාගාරයක අද (21) උදෑසන ඇති වූ දරුණු ගිනිගැනීමකින් පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබේ. ගින්න ව්‍යාප්ත වීමත් සමඟ ප්‍රදේශය පුරා ඝන කළු දුමාරයක් පැතිරගොස් ඇති අතර, කෝට්ටේ මහා නගර සභා ගිනි නිවන ඒකකය, පොලිසිය සහ හදිසි සහන කණ්ඩායම් එක්ව මෙහෙයුම් දියත් කර ගින්න පාලනය කිරීමට සමත් වී තිබේ. පසුව සිදුකළ පරීක්ෂණවල

කටුවන ගින්නෙන් පහක් මරුට  Read More »

Negombo prison case knews

මිය ගිය රැඳවියන්ටත් වන්දි ඉල්ලයි

මීගමුව බන්ධනාගාරයේ සිදු වූ නොසන්සුන්කාරී සිදුවීම හේතුවෙන් මියගිය රැඳවියන් 21දෙනා සඳහා සුදුසු වන්දි මුදලක් ලබාදීමට පියවර ගන්නා ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගෙන් ඉල්ලා සිටියි. එම කමිටුවේ සභාපති, නීතිඥ සේනක පෙරේරාගේ අත්සනින් යුතුව ජූලි 21 වැනි දින යොමු කර ඇති මෙම ලිපිය මගින් පෙන්වා දෙන්නේ මියගිය රැඳවියන්ගේ භාරකාරත්වය සහ වගකීම ශ්‍රී

මිය ගිය රැඳවියන්ටත් වන්දි ඉල්ලයි Read More »

human skeleton no 429 was identified

429 කියන්නේ, චෙම්මනිවල මිනිසුන් පණපිටින් වැළලූ කතාවද?

යාපනය චෙම්මනි සමූහ මිනීවළේ තුන් වැනි අදියරේ කැණීම් කටයුතු සිදු කළ 37 වැනි දිනය බවට සටහන් වූයේ පසුගිය ජූලි 19 වැනි දා ය. සාමාන්‍යයෙන් හමුවන ඉරියව්වලට වඩා වෙනස්, හිඳ සිටින ආකාරයේ ඉරියව්වකින් යුත් අංක 429 දරන අස්ථි සැකිල්ල අනාවරණය කරගැනීමට එදින යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ කැණීම් කණ්ඩායම සමත් විය.  සමූහ මිනීවලවල් තුළින්

429 කියන්නේ, චෙම්මනිවල මිනිසුන් පණපිටින් වැළලූ කතාවද? Read More »