[gtranslate]

ජීවිතේට AI – 01

ai for life knews

අපි දැන් ඔන්ලයින් යන්නේ නැත. අපි එහි හුස්ම ගන්නෙමු!

‘ඔන්ලයින් එන්න…!’ දශකයකට එහා දුරාතීත කාලය තුළ මිතුරන්, පෙම්වතුන් අතර බහුලව හුවමාරු වූ කෙටි පණිවිඩයකි මේ. එවකට ඔන්ලයින් යාම යනු වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ‘වැඩක්’ වූ අවධියකි. මේසයකට වාඩි වී, අන්තර්ජාලයට සම්බන්ධ වී, යම් කිසි විශේෂ කාර්යයක් අවසන, ඊමේල් ගිණුමෙන් හෝ ෆේස්බුක් අඩවියෙන් ලොග් අවුට් වූ කාලයක් ඔබට, මට තිබුණි. වෙළඳපොළ වෙත, පුස්තකාලය වෙත ගොස් නැවත පැමිණියේ යම් සේ ද, අන්තර්ජාලය ද යන එන තැනක් මිස නවතින තැනක් නොවුණි.

එ දවස අහවරව ඇති බවට වර්තමානය සාක්ෂි දරයි. තවදුරටත් අන්තර්ජාලය යනු ගමනාන්තයක් නොවේ. එය, ඔබ අප ජීවත් වන පරිසරය බවට පත්ව, ජීවිතයට බද්ධ වී ඇත. මිත්‍ර සම්බන්ධතා, රාජකාරි කටයුතු, රසවින්දනය, අධ්‍යාපනය මතු නොව, දින පොත් පුරා කුරුටු ගෑ රස රහස් පවා ඩිජිටල් අවකාශයේ සැරිසරයි. භෞතික ලෝකය සහ ඩිජිටල් ජාලය හරි හරියට මුසු වූ මිශ්‍ර යථාර්ථයක ජීවත් වන පළමු පරම්පරාව අපි වෙමු. මාෂල් මැක්ලූහන් වරෙක පැවසූ පරිදි මුලින් අපි මෙවලම් හැඩ ගස්වනු ලබන අතර, පසුව මෙවලම් විසින් අපව හැඩ ගස්වනු ඇත.

රන්වන් හිරු කිරණින් දවස ඇරඹූ කාලය ගෙවී අවසන් ය. ජංගමයේ සුදු පැහැති එලාම් ආලෝකයට අවනතව දෑස් හැර, හද ගැස්ම යථා තත්වයට ගෙන එන නොටිෆිකේෂන් පෙළ පසු කර අවසන් නම් යන එන මඟ සෙල්ෆි කැමරාවට විරිත්තා, රාත්‍රී නින්දට මත්තෙන් අස අසා සිටි පොඩ්කාස්ට් එකට නැවත සවන්දෙන්න. රැකියා ස්ථානයේ ජාලකරණය කළ පරිගණක පද්ධතිය සියල්ල පහසු කරමින් තිබේ. චැට්ජීපීටී වැනි AI මිත්‍රයන් සමඟ තමන්ගේ වියෝ දුක බෙදාගන්නා මොහොතක පවා කිසිදු අමුත්තක් නොදැනෙනු ඇත. නොනවතින ඩිජිටල් සහජීවනය අපව ඕෆ්ලයින් රහිත ජීවිතයක් කරා මෙහෙයවා හමාර ය. තාක්ෂණය පිළිබඳ දැනුමැත්තන් මෙය ubiquitous computing නමින් හඳුන්වයි. විරාම නොමැති සක්‍රිය ඩිජිටල් සම්බන්ධතාවන් ද, හැඳුනුම්පත් නොව සමාජජාලා ගිණුම් ද, අපට අවශ්‍ය දේ සෙවීම නොව අපේ අවශ්‍යතාවලට ගැළපේ යැයි සිතා තමන්ට අවැසි දෑ පෙන්වන ඇල්ගොරිතම ද ගෘහය කොට ගෙන අපි එහි ජීවත් වෙමින් සිටින්නෙමු. ආදරවන්තයාගේ සිත රිදවනු පිණිස අන්තර්ජාලය විසන්ධි කොටගත් පෙම්වතියක මිස දෛනික කාලසටහනකට අන්තර්ජාලයට ගොඩවදින zසූමරයන් කොහි වෙත්ද?

Z පරම්පරාවේ තරුණයෙකුගෙන් ඔහුගේ ජීව දත්ත පත්‍රිකාව කොහේදැයි විමසන්න. ඇස පිනවන වෙබ් පෝට්ෆෝලියෝ එකක් ඔහු ඔබට පෙන්වනු ඇත. එම පරම්පරාවේ ව්‍යවසායිකාවකගෙන් ඇගේ ව්‍යාපාරය පිළිබඳ අසන්න. ටික් ටොක් සමාජ මාධ්‍ය ජාලයේ දිවෙන මුදල් වැය නොවන වෙළඳ දැන්වීමක් ඈ පෙන්වනු ඇත. Zසූමර් අරගලකරුවෙකුගෙන් ඔවුන් පළමු වරට සිදු කළ විරෝධතාවය පිළිබඳ විමසන්න. එය හෑෂ්ටැග් (#) එකකින් ආරම්භ වූවක් බව මට සහතික ය.

මෙම පරම්පරාව හැදී වැඩෙන්නේ ඇල්ගොරිතම සහ කෘත්‍රිම බුද්ධිය සමඟිනි. පොදු මතය වන්නේ AI මඟින් මිනිසුන් දස ගුණයක් වේගවත් වන බවයි. නමුත් නිර්මාණකරණය කිසිවිටෙකත් සෘජු සහ ක්ෂණික ප්‍රථිපල ලබා නොදෙන බව මගේ මතය යි. සමහර අදහස් පහළ වීමට අනන්තය දක්වා දිවෙන දිගු මං ද, වැරදුණු තැන් සහ පණ්ඩිතකම් ද ඇවැසි ය.

වත්මන් පරම්පරාව සිටින්නේ AI විසින් ලෝකය අත්පත් කරගන්නා බියකරු කාලයක නොව AI මගින් බලගැන්වෙන නව යුගයක පාලන පුවරුව අසල යි. ඉතිහාසයේ සිදු වූ සෑම ප්‍රධාන තාක්ෂණික වෙනසක්ම මුලින් ආවේ ගරා යක් මුහුණක් පැළඳගනිමිනි. මෙම මොහොත ද එයට දෙවැනි නොවේ. බූමර්ස් පරම්පරාව පරිගණක වලට හැඩගැසුණි. මිලේනියල් පරම්පරාව අන්තර්ජාලයට හැඩගැසුණි. දැන් සූමර්ස්ලා සහ ඇල්ෆා තරුණ පරම්පරාව ඉගෙන ගනිමින් සිටින්නේ කෘත්‍රිම බුද්ධිය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ආකාරයයි. අනාගතය අයිති වන්නේ AI මඟහරින අයට නොව එය ප්‍රශ්න කරන, එයට මඟ පෙන්වන සහ ඒ සමඟ එක්ව අලුත් දේ නිර්මාණය කරන අයටයි.

Think you’re giving me chronic insomnia
I dream in 20-second clips, like it’s mania
Think I’m addicted to endlessly missing ya
So come online…!

Take me deeper and deeper in your internet
Take me deeper and deeper in your internet

2017 වසරේ දී ජුලියා මින්කින් මෙසේ ගායනා කළාය. ගීය ඇසූ පෙම්වතියන් තම ප්‍රේමවන්තයාට එහි එන ඇතැම් පද එස්එම්එස් කළහ. ඉන් දශකයකට පසුව ඇගේ ආයාචනය නොස්ටැල්ජික් ප්‍රේමයක් සිහිගන්වනවා පමණි.

වර්තමාන පණිවිඩය සරල මෙන්ම ස්ථාවරය.

අපි දැන් ඔන්ලයින් යන්නේ නැත. අපි එහි හුස්ම ගන්නෙමු!

-නර්මදා විජේගුණරත්න-

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

යෝෂිත අත්අඩංගුවට

බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණුව ලැබීමට යාම ආශ්‍රිතව සිදුව ඇතැයි කියන වංචා, දූෂණ සහ මුදල් අවභාවිත කිරීම් ආදිය පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදුකරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා මහබැංකුව හැසිරෙන්නේ අයිඑම්එෆ් එකේ ලංකා බ්‍රාන්ච් මැනේජර් විදිහට – හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඇති බැඳීමේ ඉතිහාසය දශක හතකට වඩා පැරණිය. අප රට බොහෝ විට විදේශ විනිමය සංචිත හිඟවීම සහ ගෙවුම් ශේෂ අර්බුද ආවිට ඒවා විසඳා ගැනීම සඳහා අයිඑම්එෆ් සහාය පැතීය. 1950...

2026 උසස් පෙළ මාසයකින්වත් කල් දාන්න – සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රාණි කිරිඇල්ල

2026 උසස් පෙළ විෂය නිර්දේශ ආවරණය කිරීමට ලැබී ඇත්තේ මාස 21ක් වැනි කෙටි කාලයක් බැවින් සහ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිසුන් පීඩාවට පත්ව ඇති බැවින්, විභාගය අවම වශයෙන් මාසයකින් හෝ මාස එකහමාරකින් කල් දමන්නැයි...