රුපියල් බිලියන 13ක හොරාගේ අම්මගෙන් පේන අහන මහබැංකුව..!

copfnews knews

NDB මූල්‍ය වංචාව සහ මහ බැංකුවේ පියවර පිළිබඳව පසුගිය දා පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභා සාකච්ඡාවේදී හරි අපූර්ව කරුණු රැසක් අනාවරණය වී ඇත. දීර්ඝ කාලයක් තිස්සේ ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුව ඇති මෙම මූල්‍ය වංචාව රුපියල් බිලියන 13ක් පමණය. අමාත්‍ය ආනන්ද විජේපාල කියන ආකාරයට මේ වනවිට මෙම මුදල් රටින් පිටට ගොස් හමාරය. අශ්වයා ගිය පසු ස්ථාලය වසා දමන්නට දක්ෂ, ලංකාවේ ලොකුම වැටුප් ලබාගන්නා සේවකයන් සේවයේ නිරත මහබැංකුවට, දීර්ඝ කාලයක් සිද්ධවූ මේ වංචාව කලින් අල්ලාගන්නට හැකිවී නැත.

එනිසාම බැංකු අධීක්ෂණ සහ නියාමන යාන්ත්‍රණයන් ශක්තිමත් කරන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මහ බැංකුවෙන් ඉල්ලා ඇතැයි අනාවරණය වෙයි. එය ඔවුන් සිදුකර ඇත්තේ පස්වන සහ හයවන සමාලෝචනය හරහා ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය දා මෙම වංචාව පිළිබඳව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු මහ බැංකු නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඇත. එහිදී මහ බැංකුව විසින් ගෙන ඇති පියවරයන්හි ප්‍රගතිය පිළිබඳව ආචාර්ය ද සිල්වා විමසා ඇත.

මෙහිදී මහ බැංකු නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ මෙම ගනුදෙනුවලට මුල් වූ හේතුව සහ ඒවා ක්‍රියාත්මක වූ ආකාරය හඳුනා ගැනීම සඳහා වෝහාරික විගණනයක් ආරම්භ කර ඇති බවය. මෙහිදී හරි අපූර්ව කතාවක් එළියට පැමිණ ඇත. එනම් මෙම වෝහාරික විගණනයේ විෂය පථය තීරණය කරන්නේ චූදිත බැංකුව විසින්ම බවයි.

මෙහිදී චූදිතයා වන NDB බැංකුව, මෙම වෝහාරික විගණනයේ විෂය පථය තීරණය කිරීමට සම්බන්ධ වන්නේ කෙසේදැයි ආචාර්ය ද සිල්වා සහ කාරක සභා සාමාජික රවී කරුණානායක යන දෙදෙනාම ප්‍රශ්න කර ඇත. එයට ප්‍රථිචාර දක්වමින් මහබැංකු නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ විෂය පථයේ දළ සටහනක් පමණක් සකස් කරන ලෙස NDB බැංකුවෙන් ඉල්ලා ඇති බවයි. එය ලැබුණ පසුව මහ බැංකුව සිය අදහස් ද එක් කරමින් එය විධිමත් කරන බව කාරක සභාව හමුවේ ප්‍රකාශ කර ඇත.

මේ අනුව සතියක් ඇතුළත අතුරු වාර්තාවක් ද, ජූලි 18වන දින අවසන් වාර්තාව ද ඉදිරිපත් කරන බව මහබැංකුව ප්‍රකාශ කර ඇත. වසර දහයක කාලයක් ආවරණය වන පරිදි සිදු වූ ගනුදෙනු මෙහිදී විමර්ශනයට ලක් කෙරෙනු ඇති බව වාර්තා වෙන අතර ඒ අනුව වංචනික ගනුදෙනු හරහා බැංකුවෙන් රුපියල් බිලියන 13ක් හොර රහසේ ඉවත් කරගත් ආකාරය අනාවරණය වෙනු ඇතැයි මහබැංකුව සිය විශ්වාසය කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇත.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

පාස්කු මහ නඩුවේ තීන්දුව – 15කට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්. 9කට නිදහස..!

2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ප්‍රධාන අපරාධ නඩුවේ තීන්දුව ඊයේ (22) ප්‍රකාශයට පත් විය. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කර නවදෙනෙකු නිදොස් කොට නිදහස් කළේය...

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...