හඳුන්ගේ සීනි කඩෙන් කෝටි 319ක පාඩුවක්!

suger sunil hadunneththi knews

ලංකා සීනි සමාගම විසින් පසුගිය 2025 වසර තුළ රුපියල් මිලියන 3,193ක ශුද්ධ අලාභයක් වාර්තා කර තිබෙනවා. මෙම සමාගම රටේ ආර්ථිකය යහපත් මට්ටමක නොතිබුණු 2021, 2022 හා 2023 වසර වලදීද පිළිවෙලින් රුපියල් මිලියන 1,250ක, රුපියල් මිලියන 6,045ක හා රුපියල් මිලියන 2,835ක ලාබ වාර්තා කර තිබුණු ආයතනයක් වුවත් 2024 වසර අවසන් වන විට පාඩු ලබන තත්ත්වයට පත් වී ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකියි.

පසුගිය වසර තුළ රුපියල් මිලියන 3,193ක පාඩුවක් ලැබීමට පෙර, 2024 වසර තුළද ලංකා සීනි සමාගම විසින් රුපියල් මිලියන 1,944ක පාඩුවක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව, 2023දී රුපියල් මිලියන 1,597ක ලාභාංශ මුදල් රජයට ලබා දී ඇති ලංකා සීනි සමාගම විසින්, මුදල් අමාත්‍යාංශ වාර්තා අනුව, 2024 හා 2025 වසර වලදී රජයට කිසිදු ලාභාංශයක් ලබා දී නැහැ. පාඩු ලබමින් පවත්වාගෙන යාම සඳහා 2025 වසර තුළ රුපියල් මිලියන 600ක බදු මුදල් ලංකා සීනි සමාගම වෙත පොම්ප කර තිබෙනවා.

ලංකා සීනි සමාගම කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයක්. දිලුම් අමුණුගම හා රමේෂ් පතිරණ වැනි ඇමති වරුන් ය‍ටතේ පාලනය වෙද්දී ලාභ ලැබූ මෙම සමාගම මේ වන විට පාලනය වන්නේ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ යටතේයි. 2023දී සීනි අලෙවියෙන් රුපියල් මිලියන 10,025ක ආදායමක් ලබා තිබුණු මෙම ආයතනය සීනි විකිණීම සඳහා අලුතෙන්ම අලෙවිහල් විවෘත කිරීමෙන් පසුවද 2025දී සීනි අලෙවි කර උපයා ඇති ආදායම රුපියල් මිලියන 6,335ක් පමණයි.

-ඉකොනොමැට්ටා-

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

පාස්කු මහ නඩුවේ තීන්දුව – 15කට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්. 9කට නිදහස..!

2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ප්‍රධාන අපරාධ නඩුවේ තීන්දුව ඊයේ (22) ප්‍රකාශයට පත් විය. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කර නවදෙනෙකු නිදොස් කොට නිදහස් කළේය...

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...