හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් පසුගිය 17 වෙනිදා සිදුවෙලා තිබෙනවා. ඒ රනිල් වික්‍රමසිංහ ගේ නිවසේදී. මේ හමුවට රනිල් වික්‍රමසිංහ පාර්ශවයෙන් ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා සහ සජිත් ප්‍රේමදාස පාර්ශවයෙන් ලක්ෂ්මන් ෆොන්සේකා සහභාගී වී තිබෙනවා.
පක්ෂ දෙක එකතුවෙලා නව සන්ධානයක් විදිහට අලුත් ගමනක් යන්නේ කොහොමද කියන එක වගේම ඉතාමත් ඉක්මනින් පක්ෂ දෙක එකතු කරන්නේ කොහොමද කියන එක ගැන මෙහිදී හොඳ සුහඳ සාකච්ඡාවක් පැවතුනා කියලා තමයි අපි වෙත වාර්තා වෙන්නේ.






