[gtranslate]

ඩීසල් පෙට්‍රල් 100කින් අඩු කරන්න පුළුවන් – වෘත්තීය සමිති

fuel price knews

තෙල් මිල අඩු කළ යුතුද නැද්ද යන්න කෙරෙහි ආණ්ඩුව තුළ මත ගැටුමක් නිර්මානය වී ඇතැයි ද එක් පිරිසක් වහාම තෙල් මිල අඩුකර ජනතාවට ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළ යෑමේ වාසිය ලබාදිය යුතු යැයි ද තවත් පිරිසක් මෙම මිල මට්ටම මෙලෙසම තව මාස 3ක්වත් පවත්වාගෙන යා යුතු යැයිද කියා සිටින බව වාර්තා වෙයි.

මේ අතර සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති කැඳවුම්කරු ආනන්ද පාලිත, සංඛ්‍යා දත්ත සමඟ ප්‍රකාශ කරන්නේ මෙම නව තත්ත්වයත් සමඟ රජයට අවශ්‍ය නම් ඩීසල් ලීටරය රුපියල් 150කින් ද පෙට්‍රල් ලීටරය රුපියල් 120කින්ද අඩු කළ හැකි තත්ත්වයක් ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළ යෑමත් සමඟ නිර්මානය වී ඇති බවය.

එහෙත් පසුගිය කාලයේ ආණ්ඩුව ආසියාවේ කිසිම ආණ්ඩුවක් නොකරන ආකාරයට ඉතාමත් ඉහළ මිලකට පිරිපහදු කරන ලද තෙල් හදිස්සි තත්ත්ව යටතේ යැයි කියමින් මිලදී ගැනීම නිසා සිදුව ඇති පාඩුව පියවා ගැනීම සඳහා මේ මොහොතේ තෙල් මිල පහළ දමනු ඇතැයි සිතිය නොහැකි බවය.

ඇමරිකාව සහ ඉරානය අතර ස්ථිර සටන් විරාමයක් ඇතිවීම සහ හෝමූස් සමුද්‍ර සන්දිය ආශ්‍රිත නෞකා ගමනාගමනය නැවත ආරම්භ වීම යන හේතු නිසා ලෝක වෙළඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින අතර පසුගිය 18දා වනවිට Brent බොරතෙල් බැරලයක මිල ඩොලර් 77 දක්වා පහත වැටී තිබුණි. මෙම තත්ත්වය සමඟ ආර්ථික විශ්ලේෂකයන් ප්‍රකාශ කරන්නේ පෙට්‍රල් 92 රුපියල් 15-30ත් අතර ප්‍රමානයකින් ද ඔටෝ ඩීසල් රුපියල් 10-25ත් අතර ප්‍රමානයකින් ද පෙට්‍රල් 95 රුපියල් 20-35ත් අතර ප්‍රමානයකින් ද සුපර් ඩීසල් රුපියල් 15-30ත් අතර ප්‍රමානයකින් ද මිල අඩු කළ හැකි බවය.

2026 පෙබරවාරි මාසයෙන් පසු මැද පෙරදිග ගැටුම් හේතුවෙන් ලෝක තෙල් වෙළඳපොළේ තෙල් බැරලයක මිල ඉහළ යාමත් සමඟ ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල කිහිප වතාවක් සංශෝධනය කළ අතර මාර්තු සිට මැයි අවසානය දක්වා පමණක් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු. 398 සිට රු. 434 දක්වාත්, ඔටෝ ඩීසල් රු. 382 සිට රු. 407 දක්වාත් ඉහළ දමන්නට කටයුතු කළේය. ගෝලීය බොරතෙල් මිල ඉහළ යාම, ආනයන වියදම් වැඩිවීම සහ පිරිවැය අනුව මිල නියම කිරීමේ ප්‍රතිපත්තිය මෙම මිල සංශෝධනවලට ප්‍රධාන හේතු ලෙස ආණ්ඩුව ප්‍රකාශ කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 5 සහ 6 සමාලෝචනවලදී ආණ්ඩුව තෙල් මිල ඉහළ දමන්නට සහ පිරිවැය අනුව මිල නියමකරන්නට එකඟවී ඇති අතර එම එකඟතාවයද මෙම මිල පහත දමනවාද නැද්ද යන්න තීරණය කිරීමේදී ඊට බලපානු ඇති බව ප්‍රකාශ වෙයි.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

මාර්ගයියාට සිදුවූ දේ ඔබටත් සිදුවිය හැකිය

මාර්ගයියා මුලින් ගසක් යට කුඩා මට්ටමින් මුදල් සම්බන්ධ උපදේශන සේවාවක් ආරම්භ කරයි. ක්‍රමයෙන් ඔහු විශාල ලෙස ජනතාවගේ විශ්වාසය දිනාගෙන, මුදල් රැස් කරමින් සාර්ථක මූල්‍ය ව්‍යාපාරයක් ගොඩනඟා ගනී. එහෙත් ඔහුගේ...

කැරපොත්තන්ගේ සටන පළමු ජය වාර්තා කරයි

සමස්ත ඉන්දියාව පමණක් නොව ලෝකයම සොලවමින් වීදි බැස සිටින කැරපොත්තන්ගේ ජනතා පක්ෂය සිය පළමු ජයග්‍රහනය වාර්තා කරගෙන ඇතැයි ද ඒ අනුව ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා...

මන්දිරවල ජනපති නෑ. නමුත් ජනයා ඉදලා. බර වියදමකුත් ගිහිං

ජනාධිපතිවරයා රටපුරා ඇති ජනාධිපති මන්දිර භාවිතා කරන්නේ නැති බව ප්‍රකාශ කරමින් එම මන්දිරවල නවාතැන් නොගත්තත් එහි බොහෝ දෙනෙක් රැඳී සිට ඇති බවද ඒ සඳහා 2025 වර්ෂයේදී විශාල වියදමක් දරා ඇති බවද ජාතික විගණන...