ෆ්‍රීලාන්සින් අත්පොත

1782040507867225 (1)

ඇලඩින්ගේ පුදුම පහන පිරිමැද වරමක් ඉල්ලන්නැයි කිව්වොත් වැඩ නොකර මුදල් ලැබෙන ක්‍රමයක් සලසාපන් යැයි බොහෝ දෙනා එක පැහැර කියනු ඇත. වැඩ නොකරන්නේ මන්දැයි ඇසූවොත් ඒ මොන මහන්සියක් දැයි ඔවුහු මගෙන් ආපිට අසනු ඇත.

වැටුපෙන් රැකියාවට යන්නට එන්නට, අඳින්නට පළඳින්නට වියදම් කළ පසු අතට ඉතිරි වන්නේ සොච්චමකි. තෝරා බේරා බැලුවොත් මහන්සියෙන් හතරෙන් පංගු දෙකක් මිරිකෙන්නේ පොදු ප්‍රවාහනයට යි.

මේ අමතර මහන්සිය නැතිව අතට සල්ලි එන විදියක් තිබේ යැයි ද, ඔන්ලයින් රැකියා අවස්ථා කියන්නේ ඒවාට යැයි ද සියල්ලෝ දනිත්. නමුත්, අත්හදාබැලීමට නිර්භීත වන්නේ සොච්චම් පිරිසකි. අත්හදා බැලූවන්ගෙන් සාර්ථක වන්නේ ද එහෙමත් කෙනෙකි.

නිදහස් කාලය ආදායමකට හරවා ගත යුතු යැයි සිතමින් අන්තර්ජාලයේ සැරිසරා ඇත්නම් ‘’ෆ්‍රීලාන්සර්’’ යනු නුපුරුදු වචනයක් විය නොහැකියි.

ෆ්‍රීලාන්සර් කෙනෙක්, එසේ නැතිනම් නිදහස් වෘත්තිකයෙක් යනු, එක් සේවායෝජකයෙක් යටතේ දීර්ඝකාලීනව සේවය කරනවා වෙනුවට, වෙනස් වෙනස් සේවාදායකයන් කිහිපදෙනෙකුට තමන්ගෙ සේවාව ලබා දෙන අයෙකුට. එවැන්නන් බොහෝ වෙලාවට ආයතන කිහිපයක ව්‍යාපෘති ගණනාවක එකවර නියැලෙනවා. එමෙන්ම වැඩ කරන්නෙ දුරස්ථව. බොහෝ විට නිවසේ ඉඳන්.

වර්තමාන ඩිජිටල් යුගය තුළ ඕනෑම අයෙකුට තම නිවසේ සුවපහසුව විඳිමින්ම විශාල ආදායමක් උපයා ගැනීමට ඇති අවස්ථා බොහෝ තිබෙනවා. මෙහි මූලිකම වාසිය නම්, මේවා වියදමක් අවශ්‍ය නොවෙන සීරෝ ඉන්වෙස්ට්මන්ට් ගණයේ ව්‍යාපාර අවස්ථා වීමයි. 

මින් ප්‍රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය වන්නේ පරිගණකයක්, අන්තර්ජාල සම්බන්ධතාවක්, දිනකට පැය කිහිපයක කැපවීමක් සහ ඉගෙන ගැනීමට ඇති කැමැත්ත පමණයි. ඔබ උසස් අධ්‍යාපනය හදාරන්නෙකු වුවත්, නිවසේ රැඳී සිටින ගෘහණියක වුවත්, මූල්‍ය නිදහස අපේක්ෂා කරන්නෙකු වුවත්, අමතර ආදායමක් සොයන ඔබ සැමට ගැලපෙන ක්‍රම රාශියක්ම මෙහි තිබෙනවා.

ඔන්ලයින් ලෝකය තුළ ඉදිරියටම යාමට පරිගණක සාක්ෂරතාවය සහ ඉංග්‍රීසි භාෂා හැකියාව තිබීම ඉතා වැදගත්. ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය අවශ්‍යතාවයක් නොවන නමුත්, සන්නිවේදන මෙවලමක් ලෙස එය භාවිතා කළ හැකි වීම ඔබේ කටයුතු පහසු කරනු ඇති.

සේවාදායකයන් සමඟ ගනුදෙනු කිරීමේ දී ඔබේ ලිවීමේ, කතා කිරීමේ සහ සවන් දීමේ හැකියාවන් මුවහත් කර ගැනීමටත් ඔබ සූක්ෂම විය යුතුයි.

ඊට අමතරව නිවසේ සිට වැඩ කරන විට කාලය කළමනාකරණය කර ගැනීම සහ අවධානය රඳවා ගැනීම ද ප්‍රවේශමෙන් කළ යුතු රාජකාරියක්. ඔබේ නිවසේ කාර්යාලය වෘත්තීය මට්ටමකින් පවත්වා ගැනීමට සහ වැඩ කරන වෙලාවත් පෞද්ගලික වෙලාවත් අතර පැහැදිලි සීමාවක් තබා ගැනීමටත් සැලකිලිමත් වන්න.

ඩිජිටල් ලෝකය යනු නිරන්තරයෙන් වෙනස් වන තැනක්. අලුත් තාක්ෂණයන් සහ ප්‍රවණතාවන් වැළඳ ගැනීමටත්, අඛණ්ඩව අලුත් දේ ඉගෙන ගැනීමටත් ඔබ සැමවිටම සූදානම් ශරීරයෙන් සිටිය යුතුයි.

බොහෝ දෙනෙකු නිවසේ සිට වැඩ කිරීම පිළිබඳ සිහින මවනවා. වෙහෙසකර ගමනාගමනයෙන් මිදී, තමන්ට පහසු වැඩ කරන වේලාවක් තෝරාගනිමින්, ජීවිතයේ අත්‍යවශ්‍ය කටයුතු වෙනුවෙන් කාලය වෙන් කරගන්නා ගමන්ම තම වෘත්තීය ජීවිතය හැඩගස්වා ගැනීමේ නම්‍යශීලී බව මෙහි තියනවා.

දුරස්ථව වැඩ කරමින් ස්ථාවර වෘත්තීය අවස්ථා දිනා ගත හැක්කේ කෙසේ දැයි ඔබට පෙන්වාදෙන්න අපි සූදානම්. කුසලතා, විනෝදාංශ සහ කාලය ආදායමක් බවට පත් කර ගැනීමට උපකාරී වන ප්ලැට්ෆෝම් පිළිබඳව සහ අළුත් අදහස් පිළිබඳව ඔබ දත යුතු දෑ සියල්ල ඉදිරියට මෙහි විස්තර වෙනු ඇති. 

මුල්ම ඔන්ලයින් රැකියා වේදිකාව විදියට අප්වර්ක් තෝරාගන්න අපි කල්පනා කළා.

1782040507867225

අප්වර්ක් සහ ෆයිවර් කියන්නෙ එකඅතකට ෆ්‍රීලාන්සර්ස්ලගෙ මහගෙදර වගේ කිව්වොත් මම වැරදි නෑ. ෆයිවර් ගැන කතාකරන එක පසුවට තියලා අද අපේ කතානායකයා විදියට අප්වර්ක් තෝරගමු. 

මේක ලෝකය පුරා විසිරිලා ඉන්න දක්ෂ වෘත්තිකයන් සහ තමන්ගේ රාජකාරියක් ඉටුකරගන්න එයාලව හයර් කරන පිරිස එකිනෙකා හා සම්බන්ධ කරන වෙබ් අඩවියක්. 

ඔන්ලයින් ජොබ්ස් කියන්නෙ හුඟක් වෙලාවට ස්කෑම්ස්. නමුත් අප්වර්ක් හි එක විශේෂත්වයක් තමයි එහි විශ්වාසදායක බව.

  • එතන මොනවද තියෙන වැඩ?

ඔන්න ඊළඟ ප්‍රශ්නෙ. ඇත්තටම මට කියලා ඉවරකරන්න බැරි තරම් නානාප්‍රකාර ජාතියෙ වැඩ කන්දක් එතන තියනවා. ඔයා මොන ක්ෂේත්‍රයේ ඉගෙනගත්තත්, මොන රැකියා කාණ්ඩයක අත්දැකීම් තිබුණත්, එතැන තියනවා ගැළපෙන යමක්. 

ඩේටා එන්ට්‍රි වැඩ, හඬකැවීම්, ග්‍රැෆික් නිර්මාණවල ඉඳලා ඉහළ ගණයේ වයිට් කොලර් ජොබ්ස් ගණනාවකට එතන ඉඩහසර තියනවා.

සමාජයේ දුරවබෝධයක් තියනවනෙ ඔන්ලයින් ජොබ්ස් කරන්නෙ කාර්යාලයක වැඩ කරන්න තරම් හැකියාවක් නැති අයට කියලා. එහෙම නෑ. ඒක ඔබේ තෝරාගැනීම. විශේෂඥ වෛද්‍යවරු පවා තමන්ගෙ ක්ෂේත්‍රයට අදාළව මුදලට ආටිකල්ස් ලියනවා ඔබට එතැනදි දැකබලාගන්න පුළුවන්. 

  • අප්වර්ක් එකේ වැඩකරන්න මොනවද ඕනෙ?

ඔබ මොනවටද වැඩිපුරම දක්ෂ කියලා මුලින්ම තෝරගන්න. ඒ වගේම ඔබ රැකියාව හොයාගන්න යන්නෙ ජාත්‍යන්තර රැකියා වෙළඳපොළකදි නිසා ඉංග්‍රීසි ටිකක් තොලේ කටේ ගෑවෙන්නත් ඕනෙ. 

හැබැයි, අංක එක ස්කිල් එක. ඉංග්‍රීසි භාෂා නිපුණත්වය ඔබේ රැකියාව සමඟ විචලනය වෙනවා.

ඔබ AI භාවිතයෙන් හයිකොලිටි පින්තූර නිර්මාණය කරනවා කියලා හිතන්න. දෙපාර්ශවය අතර සන්නිවේදනය සඳහා පමණක් භාෂා දැනුම තිබුණම ඇති.

නමුත් ඔබ රයිටර් කෙනෙක් කියලා හිතන්න. ඔබට සිදුවෙනවා ඔබේ භාෂා නිපුණත්වය අප්වර්ක් එකට තහවුරු කරන්න. ඒ කියන්නෙ පොඩි පොඩි පරීක්ෂණවලට මුහුණදීලා ඒවායින් සමත්වෙන්න.

  • අපේ ස්කිල් එක විකුණන්නෙ කාටද?

මෙතැනදි වෙන්නෙ ක්ලයන්ට් තමන්ට කරගැනීමට අවශ්‍ය කාර්යය ගැන සඳහන් කරලා ජොබ් පෝස්ට් කරන එක. ඒකෙදි ඒ ජොබ් එකට ගෙවන මුදලත්, කොපමණ කාලයකින් වැඩේ ඉවර කරන්න ඕනෙද කියන එකත්, තව අමතර විස්තර රාශියකුත් සඳහන් කරනවා.

අපේ ස්කිල් එකට, අයකිරීමට ඒක මැච් වෙනවනම් අපි එයාට ප්‍රපෝසල් එකක් ලියන්න ඕනෙ. පාරිභෝගිකයා ග්‍රහණය කරගැනීමේ රහස තමයි ඒක. මොකද ක්ලයන්ට්ට එක ජොබ් එකට ප්‍රපෝසල් ලෙටර්ස් පනහකටත් වඩා එන වෙලාවල් තියනවා. ඔයාට වෙනවා ඒ හැමදෙනාටම වඩා මේ ජොබ් එකට ඔයාව ගැළපෙන්නෙ ඇයි කියන එක පැහැදිලි කරන්න.

ආකර්ෂණීය අප්වර්ක් ප්‍රොෆයිල් එකක් හදාගන්න හැටිත්, ප්‍රතික්ෂේප නොවෙන විදියෙ ප්‍රපෝසල් එකක් ලියන හැටිත්, අපි මීළඟට කියවමු.

එතකල්, ඔන්ලයින් වැඩ කරලා ඩොලර් හොයන්න ඕනෙ කියලා හිත හිතා විතරක් හිටපු කෝඩුකාරයො අප්වර්ක් අඩවියට ගිහින් ෆ්‍රීලාන්සර් කෙනෙක් හැටියට ලියාපදිංචි වෙලා ඒකෙ හතරකොන දැකබලාගෙන එන්න.

-නර්මදා විජේගුණරත්න-

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...