ලක්ෂ 10ක අල්ලසක් ගත් පොලිස් පරීක්ෂක දැලේ

gemini generated image huftnyhuftnyhuft

වාහන විමර්ශනයකට අදාළව අධිකරණයට වැරදි තොරතුරු වාර්තා කරමින් සාමාන්‍ය පරිදි නඩුව අවසන් කර දීම සඳහා රුපියල් මිලියනයක අල්ලස් මුදලක් ලබාගත් කළුතර විශේෂ අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂකවරයෙකු, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ (22) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර පොලිස් පරීක්ෂකවරයා පැමිණිලිකරුගෙන් ඉල්ලා ඇති සමස්ත අල්ලස් මුදල රුපියල් ලක්ෂ 11 ක් වන අතර, පසුගිය මැයි 30 වැනිදා අදාළ අල්ලස් මුදලෙන් රුපියල් ලක්ෂයක මුදලක් පළමු වාරිකය ලෙස ලබා ගැනීමට කටයුතු කර තිබුණි.

ඉතිරි රුපියල් ලක්ෂ 10 ක මුදල ලබා ගැනීම සඳහා කළුතර උතුරේ හෝටලයක් තෝරාගෙන තිබූ අතර, වින්දිත පුද්ගලයාගේ පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ වැටලීම් නිලධාරීන් පිරිසක් හෝටල් පරිශ්‍රයේ රැකසිට, අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේදීම සැකකරු අතටම හසුකරගෙන ඇත.

අත්අඩංගුවට ගත් කළුතර දකුණ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ මෙම පොලිස් පරීක්ෂකවරයා ඉදිරි නීතිමය පියවර සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...