[gtranslate]

අධිකරණ ගැටලුවට පාර්ලිමේන්තුව මැදිහත් විය යුතුයි – විපක්ෂය කතානායකගෙන් ඉල්ලයි

sjb knews

ශ්‍රී ලංකාවේ සමස්ත අධිකරණ පද්ධතියෙහි පවතින ව්‍යූහාත්මක මෙන්ම පරිපාලනමය ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කඩිනම් මැදිහත්වීම අවශ්‍ය බව පවසමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් කථානායකවරයා වෙත අද දින (23) විශේෂ ලිපියක් භාර දී තිබේ.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 19 (1) යටතේ මෙය හදිසි පොදු වැදගත්කමකින් යුක්ත කාරණයක් ලෙස සලකා, මේ පිළිබඳව කල්තැබීමේ විවාදයක් ලබාදෙන ලෙස ඔවුහු කථානායකවරයාගෙන් ඉල්ලා සිටිති.

විපක්ෂය පෙන්වා දෙන්නේ වර්තමානයේ යුක්තිය පසිඳලන ආයතනවල පවතින පුරප්පාඩු හේතුවෙන් එම ආයතනවල දෛනික කාර්යයන් කාර්යක්ෂමව සහ විධිමත්ව කරගෙන යාමට නොහැකි වී ඇති බවයි. මෙහි සෘජු ප්‍රතිඵලයක් ලෙස අධිකරණ පද්ධතිය තුළ නඩු විශාල වශයෙන් ගොඩගැසෙන අතර නඩු විභාග ප්‍රමාද වීමද සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

ජනතාවට සාධාරණය සහ යුක්තිය නියමිත කාලය තුළ ඉටු නොවීම වර්තමානයේදී රට තුළ බරපතළ අර්බුදයක් බවට පත්ව ඇති අතර, මේ නිසා අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාව තබා ඇති විශ්වාසය බිඳවැටෙමින් පවතින බවට විපක්ෂය අනතුරු අඟවයි. 

මේ සඳහා දයාසිරි ජයසේකර, අජිත් පෙරේරා, ජේ.සී. අලවතුවල, මුජිබර් රහ්මාන්, රෝහිණී විජයරත්න, හෙක්ටර් අප්පුහාමි සහ සුජීව සේනසිංහ ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සිය අත්සන් තබා ඇත. 

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

මාර්ගයියාට සිදුවූ දේ ඔබටත් සිදුවිය හැකිය

මාර්ගයියා මුලින් ගසක් යට කුඩා මට්ටමින් මුදල් සම්බන්ධ උපදේශන සේවාවක් ආරම්භ කරයි. ක්‍රමයෙන් ඔහු විශාල ලෙස ජනතාවගේ විශ්වාසය දිනාගෙන, මුදල් රැස් කරමින් සාර්ථක මූල්‍ය ව්‍යාපාරයක් ගොඩනඟා ගනී. එහෙත් ඔහුගේ...

කැරපොත්තන්ගේ සටන පළමු ජය වාර්තා කරයි

සමස්ත ඉන්දියාව පමණක් නොව ලෝකයම සොලවමින් වීදි බැස සිටින කැරපොත්තන්ගේ ජනතා පක්ෂය සිය පළමු ජයග්‍රහනය වාර්තා කරගෙන ඇතැයි ද ඒ අනුව ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා...

මන්දිරවල ජනපති නෑ. නමුත් ජනයා ඉදලා. බර වියදමකුත් ගිහිං

ජනාධිපතිවරයා රටපුරා ඇති ජනාධිපති මන්දිර භාවිතා කරන්නේ නැති බව ප්‍රකාශ කරමින් එම මන්දිරවල නවාතැන් නොගත්තත් එහි බොහෝ දෙනෙක් රැඳී සිට ඇති බවද ඒ සඳහා 2025 වර්ෂයේදී විශාල වියදමක් දරා ඇති බවද ජාතික විගණන...