[gtranslate]

ජනබලයට ආණ්ඩුව නැවෙයි මෙවර නීතිපතිත් උසාවි ඇවිත්..!

pallegama hemarathana knews

වයස අවුරුදු 12ක බාලවයස්කාර දැරිවියක් බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කළා යැයි චෝදනා එල්ලවී ඇති හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන භික්ෂුවට එරෙහි නඩුව අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අතර මෙවර එම නඩු විභාගය සඳහා නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රජයේ අධිනීතීඥ කේෂානි විජේසිංහ සහභාගී වී සිට කරුණු දක්වා ඇතැයි වාර්තා වෙන අතර එහිදී නිට්ටඹුව පොලීසිය විමර්ශනයන් හි ප්‍රගතිය වාර්තා කරමින් මුල් DNA පරීෂණයට අදාළ වාර්තාව ලැබී ඇති බවත්, දෙවැනි DNA පරීක්ෂණ වාර්තාව ලැබීමට නියමිත බවත් ප්‍රකාශ කර ඇත.

මෙහිදී පොලීසිය වැඩිදුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ වින්දිත දැරියගේ සහ මවගේ ජංගම දුරකථන සම්බන්ධයෙන් වූ දුරකථන විශ්ලේශන වාර්තා දැනටමත් අධිකරණයට භාරදී ඇති බවය. මෙසේ විමර්ශන ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරමින් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ ඉදිරි විමර්ශනවල ප්‍රගතිය දැනුන් දීම සඳහා යළි දිනයක් ලබාදෙන ලෙසයි.

මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ තමන් මෙම නඩු කටයුත්ත අධීක්ෂණය කරන බවයි. ඒ අනුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මෙම නඩුව ලබන අගෝස්තු මස 21 වැනි දින යළි කැඳවීමට නියෝග කළ අතර පොලීසියට නීතිපති දෙපාර්තමේන්තුවෙන් මේ සඳහා උපදෙස් ලබාගන්නා ලෙසද දැනුන් දෙනු ලැබීය.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

මාර්ගයියාට සිදුවූ දේ ඔබටත් සිදුවිය හැකිය

මාර්ගයියා මුලින් ගසක් යට කුඩා මට්ටමින් මුදල් සම්බන්ධ උපදේශන සේවාවක් ආරම්භ කරයි. ක්‍රමයෙන් ඔහු විශාල ලෙස ජනතාවගේ විශ්වාසය දිනාගෙන, මුදල් රැස් කරමින් සාර්ථක මූල්‍ය ව්‍යාපාරයක් ගොඩනඟා ගනී. එහෙත් ඔහුගේ...

කැරපොත්තන්ගේ සටන පළමු ජය වාර්තා කරයි

සමස්ත ඉන්දියාව පමණක් නොව ලෝකයම සොලවමින් වීදි බැස සිටින කැරපොත්තන්ගේ ජනතා පක්ෂය සිය පළමු ජයග්‍රහනය වාර්තා කරගෙන ඇතැයි ද ඒ අනුව ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා...

මන්දිරවල ජනපති නෑ. නමුත් ජනයා ඉදලා. බර වියදමකුත් ගිහිං

ජනාධිපතිවරයා රටපුරා ඇති ජනාධිපති මන්දිර භාවිතා කරන්නේ නැති බව ප්‍රකාශ කරමින් එම මන්දිරවල නවාතැන් නොගත්තත් එහි බොහෝ දෙනෙක් රැඳී සිට ඇති බවද ඒ සඳහා 2025 වර්ෂයේදී විශාල වියදමක් දරා ඇති බවද ජාතික විගණන...