සජබ යූඑන්පී සන්ධානය ඉක්මනින් – රනිල්-සජිත් හමුවෙන් තීරණයක්

ranil sajith knews

පසුගිය 17දා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන අය රනිල් වික්‍රමසිංහගේ නිවසේදී හමුවී සාකච්ඡා කර තිබුණ අතර එහිදී ඉතා ඉක්මනින් සමගි ජන බලවේගය සහ එජාපය අතර දේශපාලන සන්ධානයක් නිර්මානය කරගැනීම පිළිබඳව අදහස් හොවමාරුවී ඇතැයි කරුණු වාර්තා වෙයි.

ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා සහ ව්‍යාපාරික ලක්ෂ්මන් ෆොන්සේකාද දෙපාර්ශවය නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට එකතුවී තිබුණ අතර එහිදී ඔවුන් මෙම පක්ෂ දෙක ඉතාමත් ඉක්මනින් දේශපාලන සන්ධානයකට එකතුවිය යුතු බවත් එසේ එකතුව ශක්තිමත් පදනමක සිට ආණ්ඩුවට අභියෝග කළ යුතු බවත් සාකච්ඡා කර ඇත.

ඒ අනුව ඉදිරියේදී මෙම පක්ෂ දෙකෙහි මහ ලේකම්වරුන් මෙම සන්ධානය පිළිබඳව සාකච්ඡා කර මූලික එකඟතාවයක් වෙනුවෙන් ලියවිල්ලක් සකස් කරනු ඇති බවත්, එහි ඉදිරිය පියවර ලෙස ඉක්මනින් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරමින් නිල වශයෙන් දේශපාලන සන්ධානයක් ගොඩනගා ගනු ඇති බවත් කරුණු අනාවරණය වෙයි.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

පාස්කු මහ නඩුවේ තීන්දුව – 15කට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්. 9කට නිදහස..!

2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ප්‍රධාන අපරාධ නඩුවේ තීන්දුව ඊයේ (22) ප්‍රකාශයට පත් විය. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කර නවදෙනෙකු නිදොස් කොට නිදහස් කළේය...

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...