බෙන් ස්ටෝක්ස් සමුගනී..!

ben stokes retires knews

එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටෝක්ස් නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරඟයේ සිව්වන දිනයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගන්න තීරණය කරපු බව නිවේදනය කළා.

2011දී එක්දින හා විස්සයි 20 වරම් දිනාගත් ඔහු 2013-14 අළුබඳුන තරගාවලියේදී ටෙස්ට් වරම් දිනාගත්තා. 2022 ඉදලා ටෙස්ට් නායකත්වය දරපු බෙන් ටෙස්ට් තරඟ 122කදී ලකුණු 7,000කට වැඩි ප්‍රමාණයක් වගේම කඩුලු 250කට වැඩි සංඛ්‍යාවක් එංගලන්තය වෙනුවෙන් ලබාගත්තා. 2019 ලෝක කුසලාන ජයග්‍රහණය ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ සුවිශේෂ තරඟයක් වෙනු ඇති.

එංගලන්තයේ ඩරම් කණ්ඩායම නියෝජනය කරන මේ අතිදක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයා, පසුගිය දවසක ලන්ඩන් රාත්‍රී සමාජ ශාලාවක සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් කතාබහට ලක්වුණා. ඔහු මේ තීරණාත්මක තරඟයට එන්නෙත් ඒ සිදුවීමේ බරත් එක්ක. කොහොමහරි අන්තිමට බෙන් කිවීලට එරෙහි ටෙස්ට් තරඟයේ හතරවෙනි දවසට කලින් දවසේ, තමන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුවෙන්න තීරණය කළා කියලා කියනවා.

ක්‍රිකට් ඉතිහාසයේ බෙන් සුවිශේෂ වෙන්නේ දැඩි පීඩනයන් යටතේ සාර්ථකව ක්‍රීඩා කරපු දක්ෂතා දක්වපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට. එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලයේ සභාපති රිචඩ් තොම්සන් බෙන් ගැන මෙහෙම කියනවා – බෙන් ස්ටෝක්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නේ එංගලන්තයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ ඔහුගේ පරම්පරාවේ කැපී පෙනෙන චරිතයක් විදිහට. පීඩනයක් යටතේ ඔහුගේ දක්ෂතා, ඔහුගේ නිර්දය තරඟකාරීත්වය සහ වඩාත්ම වැදගත් අවස්ථාවලදී අසාමාන්‍ය දේවල් කිරීමට ඔහුට ඇති හැකියාව, මට සහ තවත් මිලියන ගණනක් වූ ප්‍රේක්ෂකයින්ට සඳහටම මතකයේ පවතිනු ඇති.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...