සුගීශ්වරට අදත් ඇප නෑ..!

sugeeshwara bandara knews

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර හට අදත් ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළ අධිකරණය, ඔහු ලබන ජූලි 08 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කර ඇත.

අද (01) විභාගයට ගත් මෙම නඩුකරයේදී මහේස්ත්‍රාත්වරයා දන්වා ඇත්තේ, ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා ගොනු කළ ඇප ඉල්ලීම පිළිබඳ සිය තීරණය ද එදිනට ප්‍රකාශයට පත් කරන බවයි.

2026 ජූනි 12 දා ලැබුණු පැමිණිල්ලක් අනුව ක්‍රියාත්මක වූ මධ්‍යම දූෂණ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්, විමර්ශනවලින් අනතුරුව සුගීශ්වර බණ්ඩාර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහුට එම කාර්යාංශය එල්ල කරනු ලබන චෝදනාව වන්නේ, පසුගිය 2022 වසරේ හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරන කාලයේම ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයකු ලෙස ද කටයුතු කරමින් එකවර ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකටම වැටුප් ලබාගෙන ඇති බවයි.

එම කාලයේදීම රජයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වන අතර, ඒ පිළිබඳව ද එම කාර්යාංශය විසින් විමර්ශන සිදු කරන බව අධිකරණයට වාර්තා කර ඇත.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...