[gtranslate]

නයිල් හිපෝ පැටවාට නමක් කියන්න ..!

dehiwala zoo 90th anniversary knews

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ 90 වැනි සංවත්සරයට සමගාමීව, මෑතකදී උපත ලැබූ සිංහ පැටවුන් දෙදෙනාගේ නම් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සහ නයිල් හිපපොටේමස් පැටවා සඳහා පාසල් දරුවන්ගෙන් නම් යෝජනා කැඳවීම ඇතුළු විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම සංවත්සර උළෙල 2026 ජූලි 03 වැනිදා පැවැත්වෙන අතර, මහජනතාවගේ දැඩි ආදරයට පාත්‍ර වූ දෙහිවල සත්වෝද්‍යානයේ සිංහ පැටවුන් දෙදෙනා සඳහා තෝරාගත් නම් එදින නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. එම නම් සතුන්ට ආදරය කරන්නන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා අතරින් තෝරාගෙන ඇති අතර, ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමීමට ද කටයුතු යොදා තිබේ.

සංවත්සර සැමරුමට සමගාමීව, සිංහ දූපතේදී සිංහ පැටවුන් දෙදෙනා ඔවුන්ගේ මව සමඟ මහජනතාවට නැරඹීම සඳහා විශේෂ අවස්ථාවක් ද සලසා ඇත.

එමෙන්ම, මෑතකදී උපත ලැබූ නයිල් හිපපොටේමස් පැටවා ද පළමු වරට මහජනතාවට හඳුන්වා දීමට නියමිත අතර, එම පැටවා සඳහා නම් තැබීමේ විශේෂ තරඟයක් වයස අවුරුදු 18ට අඩු පාසල් දරුවන් වෙනුවෙන් ආරම්භ කර තිබේ.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, මෙම වැඩසටහනේ අරමුණ ලාබාල සත්ව ලෝලීන් වනජීවී සංරක්ෂණය, සත්ව සුබසාධනය සහ පාරිසරික වගකීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට දිරිගැන්වීම බවයි.

1936 ජූලි 03 වැනිදා ආරම්භ කරන ලද දෙහිවල ජාතික සත්වෝද්‍යානය මේ වන විට සිය 90 වසරක ගමන් මඟ සම්පූර්ණ කර තිබේ.

අක්කර 23ක හරිත භූමියක් පුරා විහිදී ඇති මෙම සත්වෝද්‍යානය, විවිධ ක්ෂීරපායින්, පක්ෂීන්, උරගයින්, උභයජීවීන් සහ ජලජ ජීවීන් රැසකගේ නිවහනක් වන අතර, වනජීවී සංරක්ෂණය, සංරක්ෂණ අභිජනනය, විද්‍යාත්මක පර්යේෂණ, සත්ව සුබසාධනය සහ පාරිසරික අධ්‍යාපනය වෙනුවෙන් දශක නවයකට ආසන්න කාලයක් පුරා සුවිශේෂී සේවාවක් ඉටු කර ඇත.

සත්ව ප්‍රදර්ශනවලට අමතරව මින්මැදුර, සමනල උයන සහ විවිධ පාරිසරික දැනුවත් කිරීමේ වැඩසටහන් හරහා නරඹන්නන්ට අධ්‍යාපනික හා විනෝදාත්මක අත්දැකීම් ද ලබාදෙන දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ 90 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කර ඇති විශේෂ වැඩසටහන් සඳහා සහභාගී වන ලෙස ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව දේශීය හා විදේශීය සංචාරකයන්ට ආරාධනා කර සිටියි.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

මාර්ගයියාට සිදුවූ දේ ඔබටත් සිදුවිය හැකිය

මාර්ගයියා මුලින් ගසක් යට කුඩා මට්ටමින් මුදල් සම්බන්ධ උපදේශන සේවාවක් ආරම්භ කරයි. ක්‍රමයෙන් ඔහු විශාල ලෙස ජනතාවගේ විශ්වාසය දිනාගෙන, මුදල් රැස් කරමින් සාර්ථක මූල්‍ය ව්‍යාපාරයක් ගොඩනඟා ගනී. එහෙත් ඔහුගේ...

කැරපොත්තන්ගේ සටන පළමු ජය වාර්තා කරයි

සමස්ත ඉන්දියාව පමණක් නොව ලෝකයම සොලවමින් වීදි බැස සිටින කැරපොත්තන්ගේ ජනතා පක්ෂය සිය පළමු ජයග්‍රහනය වාර්තා කරගෙන ඇතැයි ද ඒ අනුව ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා...

මන්දිරවල ජනපති නෑ. නමුත් ජනයා ඉදලා. බර වියදමකුත් ගිහිං

ජනාධිපතිවරයා රටපුරා ඇති ජනාධිපති මන්දිර භාවිතා කරන්නේ නැති බව ප්‍රකාශ කරමින් එම මන්දිරවල නවාතැන් නොගත්තත් එහි බොහෝ දෙනෙක් රැඳී සිට ඇති බවද ඒ සඳහා 2025 වර්ෂයේදී විශාල වියදමක් දරා ඇති බවද ජාතික විගණන...