මීගමුව බන්ධනාගාර‍යේ ගැටුමින් 7ක් මියගිහින් 73 තුවාල වෙලා

negombo prison clash two dead knews

මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ (05) ආරම්භ වූ දරුණු ගැටුම, අද (06) උදෑසන වනවිට පාලනය කර තිබුණද, මීට ටික වේලාවකට පෙර එහි යළිත් බරපතළ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබූ අතර මෙම ගැටුම් තත්ත්වය නිසා මේ වනවිට 7 දෙනෙක් මියගොස් ඇතැයි මීගමුව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

ඊයේ ගැටුමින් රැඳවියන් 2දෙනෙක් මියගොස් තිබුණ අතර අදත් දෙදෙනෙක් මියගොස් තිබෙනවා. අද උදෑසන ඇතිවුණ ගැටුම පාලනය කරන්නට ගිය බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙක් ද මරණයට පත්වී තිබෙන බව තමයි අලුත්ම වාර්තාවන්ට අනුව දැනගන්නට ලැබෙන්නේ.

මේ අනුව ඊයේ සහ අද තුවාල ලැබූ පිරිස 73ක් පමණ වන බවත් එම සංඛ්‍යාව තවත් වැඩි විය හැකි බවත් රෝහල් ආරංචි මාර්ගවලින් ප්‍රකාශ වෙනවා.

මීගමුව රෝහල් ප්‍රකාශකයෙක් පැවසූවේ මිය ගිය අයගේ සහ තුවාල ලැබූවන්ගේ සිරුරුවල වෙඩි වැදුන තුවාල තිබෙන බවයි.

පොලීසිය ප්‍රකාශ කරන්නේ තත්ත්වය පාලනය කිරීම වෙඩි ප්‍රහාර කිහිපයක්ද එල්ල කිරීමට සිදුව ඇති බවයි.

මීට පෙර අප වාර්තා කළ පුවත – https://knews.lk/negombo-prison-riot-2-dead-35-injured-knews/

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...