හර්ෂණ නානායක්කාර වහාම ඉල්ලා අස්විය යුතුයි – සමගි ජන බලවේගය

ajith p perera knews

මීගමුව බන්ධනාගාරයේ සිදු වූ ඛේදවාචකයේ සමස්ත වගකීම භාරගෙන අධිකරණ හා බන්ධනාගාර විෂය භාර ඇමැති හර්ෂණ නානායක්කාර වහාම තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බව සමගි ජන බලවේගය අවධාරණය කරයි.

අද (7) එම පක්ෂ කාර්‍යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා කියා සිටියේ, ඇමැතිවරයා තවදුරටත් එම ධුරයේ රැඳී සිටින්නේ නම් මෙම සිදුවීම සම්බන්ධයෙන් කිසිදු සාධාරණ හෝ ස්වාධීන පරීක්ෂණයක් බලාපොරොත්තු විය නොහැකි බවයි.

සාධාරණ පරීක්ෂණයකට ඇති එකම ඉඩකඩ ඇමැතිවරයා ධුරයෙන් ඉවත් වීම පමණක් බව ප්‍රකාශ කරන ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය
‘අමාත්‍යවරයාට තමන්ගේ තනතුරේ ගෞරවය රැකගනිමින් වහාම ඉල්ලා අස්වන ලෙස අප බලකර සිටිනවා. යම් හෙයකින් ඔහු තම කැමැත්තෙන් ඉල්ලා අස්වීමට කටයුතු නොකරන්නේ නම්, ජනාධිපති අනුර දිසානායක වහාම ක්‍රියාත්මක වී ඔහුව ධුරයෙන් පලවා හැරිය යුතුයි’.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...