93 මිනීමැරුමට යුක්තිය

74e90eab1a2ccdea6bc6360411bf5dbc

වසර 32කට කාන්තාවක් ඝාතනය කිරීම සහ පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදු කිරීමකට අදාළ නඩුවක චූදිතයන් අට දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා අද (09) මරණ දඬුවම නියම කළේය. 

පැමිණිල්ල විසින් චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බව විනිසුරුවරයා ප්‍රකාශ කරන ලදි.

මෙසේ මරණ දඬුවම නියම වූයේ පී.ඒ.කේ. නිශාන්ත කුමාර, ඉෂාඩ් මෝසස්, රොහාන් ජානක සම්පත් සාගර, අනිල් ඉන්ද්‍රජිත්, කනගරාජා තිරොන්, සෝමරත්න සිල්වා, හික්කඩුව L. නිහාල් සහ කේ.ඩබ්ලිව්. අජිත් කුලතුංග යන අයටයි.

1993 සැප්තැම්බර් 21 වනදා කොළඹ තාරාවත්ත ප්‍රදේශයේදී, මාරක අවි සහ පොලුවලින් පහරදී එච්.බී. කුසුමාවතී නැමැති කාන්තාව ඝාතනය කිරීම ඇතුළු චෝදනා 7ක් යටතේ නීතිපතිවරයා මොවුන්ට එරෙහිව නඩු පවරා තිබුණි.

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී අටවන චූදිතයා වන අජිත් කුලතුංග අධිකරණයට පැමිණ නොසිටි අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා විනිසුරුවරයා විවෘත වරෙන්තුවක් නිකුත් කළේය. 

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...