ව්‍යාජ මත්පැන් බෝතල්වලට ඇත්ත ස්ටිකර් ආවේ කොහොමද? සීඅයිඩීය සොයයි

knews 1

මෑතකදී මාලඹේ ප්‍රදේශයෙන් සොයාගත් විශාල ව්‍යාජ මත්පැන් බෝතල් තොගයක, සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද ආරක්ෂිත ස්ටිකරය අලවා තිබීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පසුගිය දා මාලඹේ, සුදර්ශන මාවතේ පිහිටි නිවසක් වටලා දේශීය මත්පැන් සන්නාමයක් යටතේ පුරවා තිබූ මත්පැන් ලීටර් 3,345 ක් අඩංගු කාලේ බෝතල් 18,575 ක් අත්අඩංගුවට ගනු ලැබූ අතර මෙම ව්‍යාජ ව්‍යාජ මත්පැන් බෝතල්වල අලවා තිබූ ආරක්ෂිත ස්ටිකර් ව්‍යාජ ඒවා නොවන බවත්, ඒවා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නියම ඒවා බවත් අනාවරණය වී ඇත.

බලපත්‍රලාභී නිෂ්පාදකයෙකු විසින් නිපදවන සෑම නීත්‍යානුකූල මත්පැන් බෝතලයකම ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීමේ ක්‍රමවේදය 2019 වසරේදී යහපාලන රජය විසින් හඳුන්වා දුන් අතර එම ස්ටිකර් මුද්‍රණය කිරීමේ ටෙන්ඩරය ‘මදුරාසි සිකියුරිටි ප්‍රින්ටර්ස්’ නම් සමාගමක් වෙත ලබාදී ඇත. මෙම ටෙන්ඩරය ලබාදීමද මහත් ආන්දෝලනයට තුඩු දුන් අතර මෙම වැටලීමට අදාළව කෝටිපති ව්‍යාපාරිකයෙකු සහ හිටපු හමුදා සාමාජිකයින් ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ට අදාළ ආරක්ෂිත ස්ටිකර් MSP මුද්‍රණ ආයතනයෙන් සෘජුවම ලැබුණේද, එසේත් නොමැතිනම් වෙනත් පාර්ශ්වයක් හරහා ලැබුණේද යන්න පිළිබඳව මේ වනවිට විමර්ශනය සිදුකරමින් ඇත.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...