බැඳලා අපි ඔය ගෙදරට යන්න හිටියේ – යෝෂිතගේ හිටපු පෙම්වතිය සාක්ෂි දෙයි

knews yasara yoshitha

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත් අතර එහිදී සී.එස්.එන් රූපවාහිනී නාලිකාවේ නාලිකා ප්‍රධානී වශයෙන් කටයුතු කළ යසාරා අබේනායක කියා සිටියේ තමා සහ විත්තිකාර යෝෂිත රාජපක්ෂ අතර ප්‍රේම සම්බන්ධයක් පැවැති බවත් විවාහයෙන් අනතුරුව ප්‍රශ්නගත නිවස වෙත පදිංචියට එන්නට සැලසුම් කළ බවත් ය.

කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ පසුගිය 9 වෙනිදා මෙම නඩුව විභාගයට ගත් අතර එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාරගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් යසාරා අබේනායක කියාසිටියේ තමා සහ විත්තිකාර යෝෂිත රාජපක්ෂ අතර ප්‍රේම සම්බන්ධයක් පැවැති බවත් එම සම්බන්ධය බිදී ගිය බවත් මෙම නඩුවට පාදක වන දෙහිවල, මිහිදු මාවතේ පිහිටි නිවසට තමන් නිතර ගිය බවත් ගේ හදන කාලයේ යෝෂිත නාවික හමුදාවේ සේවය කළ බවත් ය.

මෙම නඩුවේ සාක්ෂි ලබාදුන් රත්මලාන ප්‍රදේශයේ පදිංචි ලූෂන් රත්නායක ප්‍රකාශ කළේ රත්මලාන, කෙකටිය පාරේ පිහිටි තම ඉඩමක් විකිණීමට සූදානම් වු බවත් එම පර්චස් 31ක් පමණ විශාල ඉඩම විකිණීමේ කාර්යය හිතවතෙකු වන වසන්ත කුමාර ජයසූරිය වෙත පැවරූ බවත් ය.

‘ඔහු ගැනුම්කරුවෙක් අරං ආවා. ඒ ගැනුම්කරු කවුද කියලා කිව්වේ නෑ’ යනුවෙන් ප්‍රකාශ කළ සාක්ෂිකරු සිනාසී ඇති අතර එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා විමසා ඇත්තේ ‘ඇයි ඔබ හිනාවෙන්නේ. ඔබ ඇහැව්වේ නැත්ද ඉඩම ගන්නේ කව්ද කියලා’ යනුවෙන් විමසා ඇත. ඊට සිනාසෙමින් පිළිතුරු දුන් සාක්ෂිකරු ප්‍රකාශ කර ඇත්තේ තමන් එය ඇසුවේ නැති බවයි.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...