බන්ධනාගාර නිලධාරීන් ඝාතනය වූයේ පරිපාලන වරදින්

meegamuwa bandanagaraya knews

පසුගිය 5 වැනිදා මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් අතර ඇති වූ ගැටුම ස්ථිරව සමථයකට පත් නොකර, 6 වැනිදා වැලිකඩින් ගෙන්වන ලද බන්ධනාගාර පොලිස් නිලධාරීන්, නිරායුධව ‘පීටී’ (PT) ඇඳුමෙන් මීගමුව බන්ධනාගාරය තුළට යැවීම, ඒ සමඟ ඇති වූ තත්ත්වය මැඩපැවැත්වීමට අවශ්‍ය අණදීම යුහුසුලුව සිදු නොවීම ආදී බොහෝ පරිපාලන දුර්වලතාවයන් නිසා බන්ධනාගාර නිලධාරීන් 8 දෙනෙකුට දිවි අහිමි වූ බවත්, එම තත්ත්වයට බන්ධනාගාරය භාර අමාත්‍යවරයා මෙන්ම බන්ධනාගාරයේ ඉහළ පාලනාධිකාරිය වගකිව යුතු බවත් බන්ධනාගාර අධිකාරියේ පහළ නිලධාරීන් බහුතරයකගේ මතය වී ඇතැයි දැනගන්නට ලැබේ.

පසුගිය 5 වැනිදා බන්ධනාගාර ගැටුමට සම්බන්ධ පුද්ගලයන් සොයා ඔවුන්ට පහර දීමේ අරමුණෙන් ඉහත බන්ධනාගාර පොලිස් කණ්ඩායම මීගමුවට කැඳවා ඇතැයි ද, ඒ පිළිබඳව රැඳවියන් කලින් දැනගෙන බන්ධනාගාර නිලධාරීන්ට පහර දෙන්නට සූදානම්ව සිට ඇතැයි ද වාර්තා වන අතර, එම අමානුෂික පහරදීමේ මුල්ම අවස්ථාවේ දී ම එය මර්දනය කරන්නට අවශ්‍ය අණ සහ උපදෙස් ලබාදීම පමාවී ඇතැයි ද දැනගන්නට ලැබේ.

මීට අමතරව ජූලි 5 වැනිදා ඇති වූ ගැටුම සමථයකට පත් කළ ආකාරය මෙන්ම ඊට බන්ධනාගාර ඉහළ පරිපාලනය ප්‍රතිචාර දැක්වූ ආකාරයේ ද විශාල වශයෙන් ගැටලු ඇතැයි ප්‍රකාශ වන අතර, පසුගිය 5 දින ගැටුම අවස්ථාවේ දී බන්ධනාගාරය ඇතුළට යාමට පොලීසියට හෝ විශේෂ කාර්ය බලකායට බන්ධනාගාරය විසින් නිසි අවසරය ලබා නොදීමත්, ඔවුන් එම දිනය පුරාම බන්ධනාගාරයෙන් පිටත රඳවාගෙන සිටීමත් ගැටලුකාරී බව වාර්තා වෙයි.

5 වැනිදා ගැටුමෙන් දෙදෙනෙකු මිය යාම සහ රැඳවියන් විසින් ඖෂධ ශාලාව කඩා එහි තිබූ වේදනා නාශක අධි මාත්‍රාවෙන් භාවිත කිරීම, රැඳවියන් සිරකුටිවල ඉබි යතුරු කඩා තිබීම වැනි කිසිවක් පිළිබඳව වෙනදා ක්‍රියාත්මක වන ආකාරයට බන්ධනාගාරය මෙහිදී ක්‍රියාත්මක වී නැති බවත්, ඊට අදාළ උපදෙස් සහ නියෝග අමාත්‍යාංශයෙන් හෝ ඉහළ වගකිව යුතු බලධාරීන්ගෙන් නොලැබී ඇති බවත් වාර්තා වෙයි.

මේ නිසා ගැටුමට සම්බන්ධ පාර්ශ්වයන් දෙක වෙන්කර වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීම වැනි කිසිවක් සිදුව නැති අතර, පසුගිය 5 වැනි දිනයේ දී ම රාත්‍රියේ පොලිස් සහ විශේෂ කාර්ය බලකා නිලධාරීන් බන්ධනාගාරය තුළට යවා අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ඉක්මනින් ගත්තා නම් මේ විනාශය 6 වැනිදා සිදු නොවන බවත් වාර්තා වෙයි.

අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මාධ්‍ය හමුවේ පෙන්වා දෙන්නේ මීගමුව බන්ධනාගාර සිදුවීමේ දී, බන්ධනාගාරය පොලීසියෙන් සහය ඉල්ලා ඇත්තේ සිද්ධියේ දෙවැනි දවසේ (6) බවයි. පොලිසියට 5 වැනිදා බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වීමට හැකියාව තිබුණ ද ආයතනික ආචාර ධර්මයන්ට අනුව, බන්ධනාගාර පාලනාධිකාරියේ නිල ඉල්ලීමකින් තොරව පොලීසිය ඇතුළු නොවූ බව ප්‍රකාශ කරන නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ, 5 වැනිදා දවස පුරාම තම පොලිස් කණ්ඩායම් බන්ධනාගාරයෙන් පිටත සූදානමින් සිටි බවය.

ඉන්පසුව 6 වැනිදා උදෑසන බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් පොලිස්පතිවරයා වෙත නිල වශයෙන් ලිපියක් යොමු කරමින් විශේෂ කාර්ය බලකායේ සහය ඉල්ලා සිටීමෙන් අනතුරුව, පොලිස් කණ්ඩායම් බන්ධනාගාරයේ ඇතුළත ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගත් බවත් ඔහු එහිදී ප්‍රකාශ කරයි.

පසුගිය 5 වැනිදා ගැටුම අවස්ථාවේ දී එය මැඩපැවැත්වීම සඳහා අමාත්‍යවරයා විසින් සහ එම අමාත්‍යාංශයේ ලේකම්වරිය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳවත්, විශේෂයෙන් එහිදී අමාත්‍යවරයාගේ හැසිරීම පිළිබඳවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ විශාල විරෝධයක් ඇති වී තිබෙන අතර, සමහර නිලධාරීන් ප්‍රකාශ කරන්නේ, ජූලි 5 යනු ඉරිදාවක් බැවින් එවැනි දිනයක රාත්‍රී කාලයේ දී අමාත්‍යවරයා සම්බන්ධ කරගැනීම දුෂ්කර වීමත් මෙම තත්ත්වයට බලපාන්නට ඇති බවයි.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

පාස්කු මහ නඩුවේ තීන්දුව – 15කට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්. 9කට නිදහස..!

2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ප්‍රධාන අපරාධ නඩුවේ තීන්දුව ඊයේ (22) ප්‍රකාශයට පත් විය. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කර නවදෙනෙකු නිදොස් කොට නිදහස් කළේය...

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...