ශ්‍රී ලාංකේය සංගීතයේ තවත් එක් මතක හිටින හඬක් සිය ජීවිත සිහිනයෙන් ඇහැරී ඇත. මරියසෙල් ගුණතිලක පරම්පරා කිහිපයකම රසිකයන්ගේ ආදරය සහ ගෞරවය දිනාගත් සුවිශේෂී කලාකාරිනියකි. ඇයගේ සමුගැනීමත් සමඟ ලාංකේය පොප් සහ බයිලා සංගීත ඉතිහාසයේ එක් ස්වර්ණමය යුගයක නිමාව සනිටුහන් වේ.
හැත්තෑවේ දශකයේ දී ලාබාල දැරියක ලෙස සංගීත ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වූ මරියසෙල්ගේ හඬ අපිට තවමත් මතකයට නැඟෙන්නේ කැන්ඩි ළමිස්සී ගීතයේ මතකයත් එක්ක පැටලී වෙළීගෙනය. බටහිර සංගීත ආභාසය සහ දේශීය බයිලා සංගීත රිද්මයන් අතරින් ඇය උපන්නා ය. එහෙත් ඇය එක රාමුවකට කොටුවුණ ගායිකාවක් නොවුණා ය. ඇය එක එක සංගීත ශෛලීන්වලට ගීත ගායනා කළාය.
80 සහ 90 දශකවල ප්‍රසංග වේදිකාවේ මරියසෙල්ගේ හඬට සහ පෞරුෂයට හිමිවූයේ සුවිශේෂී ස්ථානයකි. පිනවන්නියක ලෙස වේදිකාවට ගොඩවූ සහ එන්ටර්ටේනර් කියන භූමිකාව හරිහැටි හඳුනගත්ත ලංකාවේ පළවෙනි ගායිකාව ඇය බව මගේ හැඟීමයි. එළිමහන් ප්‍රසංග කලාව ස්ත්‍රී හඬින් සහ දැඟලිල්ලෙන් ඇය මෝහනය කලාය. ඊටපසු ඇය පසුපස අද කාන්තා පොකුරක්ම වේදිකාව දෙවනත් කරමින් සිටියි. ඒ මරියසෙල් පරපුරයි.
ඉතිං කැන්ඩි ළමිස්සීට සුබ ගමන්..!






