සහල් වෙළෙඳපොළ බියර්වලටත් ඇරේ 

AKD in Anuradhapura - knews

ගෘහස්ත පරිභෝජනයට අමතරව බියර්, සත්ත්ව ආහාර සහ වෙනත් අගය එකතු කළ නිෂ්පාදන සඳහා ද දේශීය සහල් යොදා ගැනීමට රජය තීරණය කර ඇත. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ පැවැති අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි.

ආහාර නොවන නිෂ්පාදන සඳහා සහල් භාවිත කිරීම මීට පෙර තහනම් කර තිබූ ගැසට් නිවේදනය රජය විසින් ඉවත් කර ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

විශේෂයෙන්ම අතිරික්ත වී අස්වැන්නක් පවතින කාලවල දී ගොවීන්ට වඩා හොඳ මිලක් ලබා දී තරඟකාරී වෙළෙඳපොළක් නිර්මාණය කිරීමට මෙන්ම සහල් ආශ්‍රිතව නිපදවා ඇති බිස්කට්, කේක් සහ බියර් වැනි නිෂ්පාදන වාණිජමය වශයෙන් වෙළෙඳපොළට හඳුන්වා දීමට ද රජය සැලසුම් කරයි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස සහල් මෝල් හිමියන් සතු ඒකාධිකාරය අවම වී, වෙළෙඳපොළට වැඩි ගැනුම්කරුවන් පිරිසක් පැමිණෙනු ඇතැයි ද, එමඟින් අවසාන ප්‍රතිලාභය ගොවියාට හිමිවන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...