රටවිරුවන්ට අලුත් විශ්‍රාම වැටුපක් 

foriegn employment knews (2)

විදේශ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කුවේට් අරමුදලෙන් රුපියල් බිලියන 2.1ක මූල්‍ය ප්‍රතිපාදන සහිත නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දෙන බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මිලියන 1.7ක් වන විදේශ රැකියා නියුක්තිකයන්ගෙන් දැනට පවතින ක්‍රමය යටතේ විශ්‍රාම වැටුප් ලබන්නේ 307 දෙනෙකු පමණක් බැවින් මෙම ප්‍රතිසංස්කරණ කඩිනම්ව සිදු කළ යුතු බව ඔහු සඳහන් කළේය.

යෝජිත නව ක්‍රමය යටතේ සේවකයන්ට තම සේවා කාලය හා ආදායම මත මාසික විශ්‍රාම වැටුපක් හෝ එකවර ලැබෙන මුදලක් ලෙස ප්‍රතිලාභ තෝරාගත හැක. මෙම වැඩපිළිවෙළ 2026 දෙසැම්බර් 31 වනදාට පෙර ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාව යි.

එසේම, ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් නීත්‍යානුකූලව ශ්‍රී ලංකාවට එවන විදේශ ප්‍රේෂණ, ඩිජිටල් ලෙස වාර්තා කිරීමට විශේෂ ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දෙන අතර විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ගණනය කරනු ලබන්නේ මුදල් එවන්නන් විසින් තහවුරු කරන එම වාර්තා පදනම් කරගෙන ය.

විදේශ රැකියා කාර්යාංශය, මහ බැංකුව සහ ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශය එක්ව ස්වේච්ඡා පදනමින් මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...