ඝාතනයට ලක්වූ බන්ධනාගාර නිලධාරීන්ට උසස්වීම් සහ වන්දි ලබාදීම ඉක්මන් කරයි ..!

prison jailors body

මීගමුව බන්ධනාගාරයෙහි ඇති වූ නොසන්සුන් තත්වය හමුවේ හදිසි ආරක්ෂක සහ පරිපාලන පියවරක් ලෙස එහි සිටි කාන්තා රැඳවියන් 166 දෙනාම වහාම ක්‍රියාත්මක වන පරිදි වාරියපොළ, බෝගම්බර, අඟුණකොළපැලැස්ස සහ කුරුවිට බන්ධනාගාර වෙත මාරු කර යැවීමට කටයුතු කර ඇත. 

මීට අමතරව, බන්ධනාගාරයේ සිටින තවත් රැඳවියන් 600කට වැඩි පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමට ද කටයුතු සූදානම් වෙමින් පවතී. 

එමෙන්ම, ගැටුමේ දී මියගිය බන්ධනාගාර නිලධාරීන් අටදෙනා වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි උසස්වීම් සහ වන්දි ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ දේපළවලට සිදු වූ හානිය පිළිබඳව විමර්ශනය කිරීමට මෙන්ම ගැටුම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් විශේෂ කමිටු දෙකක් පත් කර ඇති බවයි.

අනෙකුත් බන්ධනාගාරවලට මාරු කර යැවූ රැඳවියන්ට බන්ධනාගාර ආරක්ෂකයින්ගෙන් පළිගැනීම් එල්ල වන බවට ලැබෙන වාර්තා කනස්සල්ලට කරුණක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රකාශක රවීනා ෂම්දාසානි මහත්මිය ප්‍රකාශ කර ඇත. 

මියගිය සහ තුවාල ලැබූවන්ගේ පවුල්වලට සත්‍යය දැනගැනීමට සහ සාධාරණය ඉටුවනු දැකීමට අයිතියක් ඇති බව පෙන්වා දුන් ඇය, රජය පොරොන්දු වූ විමර්ශන කඩිනම්, ස්වාධීන සහ විනිවිදභාවයෙන් යුක්ත විය යුතු බව අවධාරණය කළාය.

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ පවතින අධික තදබදය, නඩු විභාගයකින් තොරව දීර්ඝ කාලයක් රිමාන්ඩ් භාරයේ තැබීම සහ මත්ද්‍රව්‍යවලට වැරදිකරුවන් වූවන් බන්ධනාගාරගත කිරීම වෙනුවට සෞඛ්‍ය කේන්ද්‍රීය ප්‍රවේශයන් වෙත යොමු කිරීමේ අවශ්‍යතාව වැනි ව්‍යුහාත්මක ගැටලු විසඳීම සඳහා මෙම සිදුවීම පූර්වාදර්ශයක් ලෙස ගත යුතු බව ද ප්‍රකාශකවරිය පැවසුවාය.

මීගමුව බන්ධනාගාරයට සහ මාරු කර යැවූ රැඳවියන්ට වධහිංසා පැමිණවූ බවට චෝදනා එල්ල වන අනෙකුත් සියලුම රැඳවුම් මධ්‍යස්ථාන වෙත බාධාවකින් තොරව ඇතුළු වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අවසර දෙන ලෙස ද එක්සත් ජාතීන්ගේ සංවිධානය, බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...