විශ්‍රාම වයස දීර්ඝ කිරීම පහළ අධිකරණවලටත්..!

judges retirement age extension lower courts sri lanka knews

ඊයේ (11) විනිසුරු සංගමය අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීමට විරුද්ධව ඒකමතිකව යෝජනාවක් සම්මත කරගැනීමත් සමඟ රජය තම උපක්‍රමයන් වෙනස් කරමින් මහේස්ත්‍රාත්, දිස්ත්‍රික් සහ මහාධිකරණ විනිසුරුවරුන්ද ඇතුළත් වන පරිදි, සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

වත්මන් අගවිනිසුරුතුමන්ගේ සේවය තවත් අවුරුදු දෙකකින් ඉහළ නැංවීමේ අරමුණින් මුලින්ම අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීමට ආණ්ඩුව තීන්දු කර තිබුණු අතර එයට නීති ප්‍රජාවගෙන් සහ ජනතාවගෙන් විශාල විරෝධයක් නැඟී ඒමත් සමඟ එම තීරණය වෙනස් කරමින් සමස්ත අධිකරණ පද්ධතියේම සිටින විනිසුරුවරුන්ගේ වයස් සීමාවන් මෙසේ ඉහළ දැමීමට සැලසුම් කරමින් ඇතැයි වාර්තා වෙයි.

මෙහිදී ආණ්ඩු පාර්ශ්වයෙන් ප්‍රකාශ වන්නේ, විනිසුරු හිඟය සහ නඩු ඉක්මන් කිරීම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නට රජය සූදානම් බවයි. අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වන අතර, ඊට පහළ අධිකරණවල විශ්‍රාම වයස් සීමාවන් වෙනස් කිරීම සඳහා පනත වෙනස් කිරීම පමණක් ප්‍රමාණවත් වෙයි.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...