[gtranslate]

බොරතෙල් මිල යළි ඉහළට

crude oil prices rise again iran us crisis knews

ඉරාන – අමෙරිකා අර්බුදය නැවතත් උත්සන්න වීම සහ අමෙරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානය ගල්ෆ් කලාපයේ තම අසල්වැසි රටවලට එල්ල කරන ප්‍රහාර දැඩි කර ඇති තත්ත්වය තුළ, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් තිබේ.

බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් මිල ඩොලර් 2.34කින් හෙවත් 3.08%කින් ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව එහි බැරලයක නව මිල ඩොලර් 78.35ක් ලෙස වාර්තා වේ.

WTI බොරතෙල් මිල ඩොලර් 2.21කින් හෙවත් 3.09%කින් ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව එම වර්ගයේ බොරතෙල් බැරලයක නව මිල ඩොලර් 73.62ක් ලෙස වාර්තා වේ.

ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (IEA) වාර්තාවලට අනුව ජූනි මාසයේදී ගෝලීය තෙල් සැපයුම දිනකට බැරල් මිලියන 4.1කින් ඉහළ ගොස් තිබුණ ද, එය යුද්ධයට පෙර පැවති මට්ටමට වඩා දිනකට බැරල් මිලියන 9.4කින් අඩු මට්ටමක පවතී.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

මාර්ගයියාට සිදුවූ දේ ඔබටත් සිදුවිය හැකිය

මාර්ගයියා මුලින් ගසක් යට කුඩා මට්ටමින් මුදල් සම්බන්ධ උපදේශන සේවාවක් ආරම්භ කරයි. ක්‍රමයෙන් ඔහු විශාල ලෙස ජනතාවගේ විශ්වාසය දිනාගෙන, මුදල් රැස් කරමින් සාර්ථක මූල්‍ය ව්‍යාපාරයක් ගොඩනඟා ගනී. එහෙත් ඔහුගේ...

කැරපොත්තන්ගේ සටන පළමු ජය වාර්තා කරයි

සමස්ත ඉන්දියාව පමණක් නොව ලෝකයම සොලවමින් වීදි බැස සිටින කැරපොත්තන්ගේ ජනතා පක්ෂය සිය පළමු ජයග්‍රහනය වාර්තා කරගෙන ඇතැයි ද ඒ අනුව ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා...

මන්දිරවල ජනපති නෑ. නමුත් ජනයා ඉදලා. බර වියදමකුත් ගිහිං

ජනාධිපතිවරයා රටපුරා ඇති ජනාධිපති මන්දිර භාවිතා කරන්නේ නැති බව ප්‍රකාශ කරමින් එම මන්දිරවල නවාතැන් නොගත්තත් එහි බොහෝ දෙනෙක් රැඳී සිට ඇති බවද ඒ සඳහා 2025 වර්ෂයේදී විශාල වියදමක් දරා ඇති බවද ජාතික විගණන...